1st August 2025
වසර 33 ක කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් එස්.ඒ හෙට්ටිගේ RSP psc 2025 ජූලි මස 30 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.
විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරි පිළිබඳව කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:
වර්ෂ 1992 පෙබරවාරි මස 18 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත බැඳුනු මේජර් ජෙනරල් එස්.ඒ හෙට්ටිගේ RSP psc දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක (PMA) – 37 සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව වර්ෂ 1992 දෙසැම්බර් මස 19 දින ගැමුණු හේවා බලකාය වෙත අනුයුක්ත කෙරිණි.
යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලද මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 මාර්තු මස 31 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය. 2025 අගෝස්තු මස 03 දිනට වයස අවුරුදු 55 සම්පූර්ණ වීමත් සමඟ යුද්ධ හමුදා ස්වෙච්ඡා බලකායෙන් විශ්‍රාම ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරි විශ්‍රාම ලබන විට විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ධූරය හෙබවිය.
විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් එස්.ඒ හෙට්ටිගේ RSP psc විසින් සිය කීර්තිමත් හමුදා දිවිය තුළදී, 1 බලඇණිය ගැමුණු හේවා බලකායේ ඛණ්ඩභාර නිලධාරි සහ නිලධාරී අණදෙන, යුද්ධ හමුදා මූලස්ථානයේ ක්‍රියාන්විත අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි III (ආරක්‍ෂක/සම්බන්ධීකරණ/මාණ්ඩලික රාජකාරි), 51 පාබල සේනාංකයේ මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි II (ක්‍රියා), ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ විධායක අධිකාරි, 8 බලඇණිය ගැමුණු හේවා බලකායේ දෙවන අණදෙන නිලධාරි, 55 පාබල සේනාංකයේ මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී I (ක්‍රියා), 8 බලඇණිය ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරි, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ නිලධාරි පුහුණු අංශයේ පුහුණු කණ්ඩායම් ප්‍රධානි, නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ ආරක්‍ෂක අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක, යුද්ධ හමුදා මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික ශාඛාවේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි I, යුද්ධ හමුදා පුහුණු පාසලේ ප්‍රතිත්‍රස්ත සහ කැලෑබද සටන් පුහුණු අංශයේ ප්‍රධාන උපදේශක, දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුමේ (UNMISS) මාණ්ඩලික නිලධාරි, පාබල පුහුණු මධ්‍යස්ථානයේ පුහුණු අංශයේ අණදෙන නිලධාරි, යුද්ධ හමුදා මූලස්ථානයේ පාබල අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කර්නල් පාබල, 522 පාබල බලසේනාවේ බලසේනාධිපති, යුදසේවා ලේකම් ශාඛාවේ සහකාර යුද සේවා ලේකම් III, යුදසේවා ලේකම් ශාඛාවේ සහකාර යුද සේවා ලේකම් II, ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ සේනාවිධායක, විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ සහ විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් වැනි ධූරයන් රැසක් හොබවා ඇත.
විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරි මානුෂීය මෙහෙයුමේදී දැක්වූ නිර්භීතකම හේතුවෙන් රණශූර පදක්කමෙන් (දෙවරක්) පිදුම් ලබා ඇත.
මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි, කාලතුවක්කු ඉදිරි නිරීක්‍ෂණ පාඨමාලාව, බලඇණි ආධාරක අවි නිලධාරි පාඨමාලාව, සන්නද්ධ ගැටුම් නීතිය පිළිබඳ පාඨමාලාව, යුද්ධ හමුදා අණ හා මාණ්ඩලික පාඨමාලාව, GIS සහ යෙදවුම් භාවිතය පිළිබඳ උසස් කෙටිකාලීන පාඨමාලාව (පේරාදෙණිය විශ්වවිද්‍යාලය) සහ ආරක්‍ෂක හා රාජ්‍ය තාන්ත්‍රිකභාවය පිළිබඳ ආරක්‍ෂක උපදේශක පුහුණු පාඨමාලාව ඇතුළු දේශීය පුහුණු පාඨමාලා රැසක් හදාරා ඇත.
එමෙන්ම, තරුණ නිලධාරි පාඨමාලාව - ඉන්දියාව, අවි ප්‍රතිවිරෝධී නිලධාරි පාඨමාලාව - පාකිස්ථානය සහ මධ්‍ය වෘත්තීය පාඨමාලාව - පාකිස්ථානය වැනි විදේශීය පාඨමාලාවන් ද එම ජ්‍යෙෂ්ඨ නිලධාරි හදාරා ඇත.
විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරි, ශ්‍රී ලංකාවේ ගිණුම්කරණ කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සාමාජිකයෙක් වේ. එමෙන්ම, ශ්‍රී ලංකාවේ ජාතික ව්‍යාපාර කළමනාකරණ ආයතනයේ (NIBM) මානව සම්පත් කළමනාකරණය පිළිබඳ පදනම් පාඨමාලාව, කැලණිය විශ්වවිද්‍යාලයේ මානව සම්පත් කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව, කැලණිය විශ්වවිද්‍යාලයෙන් මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය සහ කොළඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ද ලබාගෙන ඇත.