2nd August 2025
යුද්ධ හමුදාධිපති කුසලාන ‘අන්තර් රෙජිමේන්තු රගර් ශූරතාවලිය - 2025’ තරඟාවලිය 2025 ජූනි මස 24 දින ආරම්භ වූ අතර එම තරඟාවලියේ අවසන් මහා තරඟය 2025 අගෝස්තු මස 01 දින ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකා රගර් කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පනාගොඩ, යුද්ධ හමුදා රගර් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG, ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි සහ යුද්ධ හමුදා රගර් කමිටුවේ සභාපති මේජර් ජෙනරල් කේ.එම්.පී.එස්.බී කුලතුංග RSP ndc psc විසින් පිළිගන්නා ලදී.
තරඟාවලියේ අවසන් මහා තරඟයේදී, තියුණු තරඟයකින් අනතුරුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකා කණ්ඩායම ලකුණු 32 ක් රැස්කරමින් තරඟාවලියේ ශූරතාවලිය දිනාගනු ලැබීය.
තරඟාවලියේ අවසන් මහා තරඟය නැරඹීම සඳහා සහභාගි වූ යුද්ධ හමුදාධිපතිතුමන් ජයග්‍රාහකයින් වෙත සිය සුබපැතුම් එක්කළ අතර එතුමන් විසින් තරඟාවලියේ දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි කුසලානය සහ ශූරතාවයට හිමි කුසලානය ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකා කණ්ඩායම වෙත පිරිනමන ලදී.
අනතුරුව, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන විසින් දෙවන අනුශූරතාවය සහ පළමු අනුශූරතාවයන්ට හිමි කුසලානයන් එම කණ්ඩායම් වෙත පිරිනමන ලදී.
තරඟාවලියේ දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ ලාන්ස් කෝප්‍රල් ඩී.ජී.එස්.ජී දික්කුඹුර විසින් දිනාගන්නා ලදී.
තරඟාවලියේ අවසන් මහා තරඟය නැරඹීම සඳහා යුද්ධ හමුදා ප්‍රධාන මාණ්ඩලික නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ ප්‍රේක්‍ෂකයන් රැසක් සහභාගි වූහ.