21st August 2025
යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ. දොලගේ USP nps psc විසින් 2025 අගෝස්තු මස 18 දින යුද්ධ හමුදා තූර්ය වාදක සහ රංග කලා අධ්‍යක්‍ෂක මණ්ඩලයේ පළමු නිල සංචාරය සිදු කරන ලදී.
අධ්‍යක්‍ෂක මණ්ඩලය වෙත පැමිණි මාණ්ඩලික ප්‍රධාන, එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් ටී.ටී.පී සිරිවර්ධන RSP ndc psc lsc විසින් පිළිගැනීමෙන් අනතුරුව අධ්‍යක්‍ෂක මණ්ඩලය පිළිබඳව සවිස්තරාත්මක විස්තරයක් ඉදිරිපත් කරන ලදී. පසුව, මාණ්ඩලික ප්‍රධාන විසින් භටපිරිස් ඇමතීම සිදුකළ අතර, අනතුරුව සමූහ ඡායාරූපයකට ද පෙනී සිටින ලදී.
මෙම සංචාරය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගි වූහ.