2025 ලෝක සෙපැක්ට්‍රැක්රෝ ශූරතාවලියේදී ශ්‍රී ලංකා සෙපැක්ට්‍රැක්රෝ කණ්ඩායමට පදක්කම් රැසක්

ලෝක සෙපැක්ට්‍රැක්රෝ ශූරතාවලිය - 2025, තායිලන්තයේ හැට්යායි හිදී 2025 ජුලි මස 22 දින සිට 27 දින දක්වා පැවැත්වුණු අතර, ඒ සඳහා පිරිමි සහ කාන්තා යන අංශවලින් ඉහළම ශ්‍රේණිගත කිරීම්වල සිටි රටවල් 16ක් සහභාගී විය. මෙම තරගාවලියේදී සුවිශේෂී දක්ෂතා දැක්වූ ශ්‍රී ලංකා ජාතික සෙපැක්ට්‍රැක්රෝ කණ්ඩායමේ දක්‍ෂතා පහත පරිදි වේ.

හූප් ඉසව්ව (කාන්තා) - රිදී පදක්කම

රෙගු ඉසව්ව (පිරිමි) - ලෝකඩ පදක්කම

රෙගු ඉසව්ව (කාන්තා) - ලෝකඩ පදක්කම

කෝඩ් ඉසව්ව (කාන්තා) - ලෝකඩ පදක්කම

මිස්කෝඩ් ඉසව්ව - ලෝකඩ පදක්කම

මෙම තරඟාවලිය සඳහා යුද්ධ හමුදා පාපන්දු කමිටුවේ සභාපති මේජර් ජෙනරල් කේ.ජේ.එන්.එම්.පී.කේ නවරත්න RWP RSP ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟපෙන්වීම යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පිරිමි හා කාන්තා සෙපැක්ට්‍රැක්රෝ කණ්ඩායම් සහභාගි වූහ.