යුද්ධ හමුදාවෙන් සමාජ සත්කාරක වැඩසටහනක්

ඉන්දි පදනමේ අධ්‍යක්‍ෂවරයාගේ ඉල්ලීමකට අනුව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත, පිළිකා රෝගයෙන් පෙළෙන එම පදනමේ දරුවන් පිරිසක් වෙත ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් 2025 අගෝස්තු මස 23 දින රුවන්වැලි සෑය සහ ජය ශ්‍රී මහා බෝධිය වැඳ පුදා ගැනීමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සපයන ලදී.

දරුවන් 50 දෙනෙකු සහ ඔවුන්ගේ දෙමාපියන් මෙම පුණ්‍ය වැඩසටහනට සහභාගි වූහ.