27th August 2025
ශ්‍රී ලංකා යුද්ධ හමුදා බර ඉසිලීමේ ක්‍රීඩක සැරයන් වයි.ඩී.අයි කුමාර 2025 අගෝස්තු මස 26 දින ඉන්දියාවේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ ශූරතාවලියේදී පිරිමි කිලෝග්‍රෑම් 60 බර පන්තිය නියෝජනය කරමින් ලෝකඩ පදක්කමක් දිනාගැනීමට සමත්විය.
මෙම තරඟාවලිය කනිෂ්ඨ, යොවුන් සහ ජ්‍යෙෂ්ඨ යන කාණ්ඩ ඔස්සේ පැවැත්විණි. ජ්‍යෙෂ්ඨ පිරිමි කිලෝග්‍රෑම් 60 ඉසව්වට තරඟවැදුණු සැරයන් වයි.ඩී.අයි කුමාර සිය සුවිශේෂී දක්‍ෂතාවයන් එළිදැක්වූ අතර, එහිදී snatch ක්‍රමයට කිලෝග්‍රෑම් 111 ක් සහ clean and jerk ක්‍රමයට කිලෝග්‍රෑම් 138 ක් සමඟින් කිලෝග්‍රෑම් 249 ක් ඔසවමින් ඔහු ලෝකඩ පදක්කම දිනාගනු ලැබීය.