7th March 2026
1999 ඔක්තෝබර් මස 10 වන දිනට යෙදී තිබූ යුද්ධ හමුදාවේ 50 වන සංවත්සර දිනයේදී නිකුත් කරන ලද යුද්ධ හමුදා ගීතයේ නිර්මාතෘවරුන් වෙනුවෙන් උපහාර පිදීමේ උත්සවයක් 2026 මාර්තු මස 06 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේදී පවත්වන ලදී. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගී විය.
මෙම උපහාර පිදීමේ උත්සවය සඳහා යුද්ධ හමුදා ගීතය නිර්මාණය කිරීමට දායක වූ ගීත රචක රඹුකන සිද්ධාර්ථ හිමි, සංගීත නිර්මාණය කළ සංගීත විශාරද වික්ටර් රත්නායක මහතා සහ ගීතයේ සංකල්පය ඉදිරිපත් කරමින් එය සම්බන්ධීකරණය කළ මේජර් ජෙනරල් එස්.ඩී. තෙන්නකෝන් (විශ්‍රාමික) RSP VSV ndc ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් සහභාගී වූහ. එහිදී, යුද්ධ හමුදා ගීතය රචනා කිරීමට ඔවුන් දැක්වූ දායකත්වය අගය කරන ලදී. මෙම අවස්ථාවට ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන්, අධ්‍යක්‍ෂ මණ්ඩල අධ්‍යක්‍ෂවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.