ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා තරඟාවලිය - 2026 සමාප්ති උත්සවයට යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන සහභාගි වෙයි

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ 2026 අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා තරඟාවලිය, 2026 මාර්තු 08 වන දින දියගම, මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවති අතර, එහි සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ. දොලගේ USP nps psc සහභාගී විය.

දවස පුරාම ක්‍රීඩක ක්‍රීඩිකාවන් විවිධ ධාවන පථ හා පිටියේ ඉසව් සඳහා උද්යෝගයෙන් තරඟ කළ අතර, කැපී පෙනෙන වේගය, දරාගැනීම, ශක්තිය සහ අධිෂ්ඨානය පෙන්නුම් කළහ.

උත්සවය අතරතුරදී, ජයග්‍රාහී කණ්ඩායම් සහ කැපී පෙනෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔවුන්ගේ සුවිශේෂී දක්ෂතා සහ විශිෂ්ට ජයග්‍රහණ අගයමින් කුසලාන සහ සම්මාන ප්‍රදානය කරන ලදී. මෙම අවස්ථාවට යුද සේවා ලේකම් සහ යුද්ධ හමුදා මලල ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරල් බී.ජී.එස්. ප්‍රනාන්දු USP Hdmc psc, ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරල් සී.ඩී. වික්‍රමනායක WV RSP ndc ක්‍රීඩා අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් කේ.ඒ.ඩී.සී.ආර්. කන්නන්ගර RSP ndc, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් සහභාගී වූහ.