13th March 2026
දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් කටයුතු සඳහා බෝර් ප්‍රදේශයේ පිහිටි දෙවන මට්ටමේ රෝහලේ වසරක සේවා කාලයක් සාර්ථකව නිම කළ 11 වන වෛද්‍ය කණ්ඩායම 2026 මාර්තු මස 11 දින ශ්‍රී ලංකාවට පැමිණි අතර, එම කණ්ඩායමට නිලධාරීන් 10 දෙනෙකු සහ සෙසුනිලයන් 41 දෙනෙකු ඇතුළත් වූහ. එමෙන්ම, එම කණ්ඩායම මෙරටට පැමිනීමෙන් පසුව නිලධාරීන් 05 දෙනෙකු සහ සෙසුනිලයන් 04 දෙනෙකු දකුණු සුඩානයේ රැඳී සිටින අතර, ඔවුන් ඉදිරියේදී මෙරටට පැමිණීමට නියමිතය.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණි එම සාමසාධක භටපිරිස පිළිගැනීම සඳහා විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් එස්.පී. වික්‍රමසේකර RWP RSP USP psc, ගමන් පාලන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් එස්. විජේසිරිවර්ධන RWP RSP, ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් කේ.ජේ. රණවීර RWP RSP ndu psc Isc ඇතුළු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
වසරක සේවා කාලය තුළ, ශ්‍රී ලංකා වෛද්‍ය බලකා සාමසාධක භටපිරිස දෙවන මට්ටමේ රෝහලේ කටයුතු නිසිආකාරව පවත්වාගෙන යාම වෙනුවෙන් කැපවී කටයුතු කරමින් රෝගීන්ගේ ආරක්‍ෂාව සහ ඵලදායී වෛද්‍ය සත්කාර කෙරෙහි දැඩි අවධානයක් යොමු කරනු ලැබූ අතර, එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය ප්‍රමිතීන් සහ ගුණාත්මකභාවය ඉහළ මට්ටමක පවත්වා ගැනීමට සුවිශේෂී දායකත්වයක් ලබා දුන්හ.