9th March 2026
අඛණ්ඩව 59 වන වරටත් සංවිධානය කරන ලද වාර්ෂික යුද්ධ හමුදා මාර්ග ධාවන තරඟය ඉරිදා (2026 මාර්තු මස 08) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානය අසළින් ආරම්භ විය. එම අවස්ථාව සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගි විය.
මෙම මාර්ග ධාවන තරඟය කිලෝමීටර් 22 ක දුර ප්‍රමාණයක් අවරණය කරමින් බත්තරමුල්ලෙන් උදෑසන 6.00 ට ආරම්භ වී දියත උයන, බත්තරමුල්ල, මාලඹේ, අතුරුගිරිය සහ හබරකඩ ඔස්සේ පනාගොඩ ගෘහස්ථ ක්‍රීඩාංගණය අසලින් අවසන් කෙරිණි.
රෙජිමේන්තු 19 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 133 ක් (පිරිමි ක්‍රීඩකයින්109 ක් සහ කාන්තා ක්‍රීඩිකාවන් 24 ක්) මෙම තරඟයට සහභාගී වූහ. ශ්‍රී ලංකා යුද්ධ හමුදා මලල ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරල් බී. ජී. එස්. ප්‍රනාන්දු USP Hdmc psc ගේ අධීක්‍ෂණය යටතේ මෙම තරඟය සංවිධානය කරන ලදී.
සමාරම්භක උත්සව අවස්ථාවට යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ. දොලගේ USP nps psc සහභාගී වූ අතර, ත්‍යාග ප්‍රදානෝත්සවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න RSP USP nps psc සහ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකුගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබීය.
තරඟයේ විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පහතින් දැක්වේ:
සමස්ත ශූරතාවය
පිරිමි කාණ්ඩය - ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව.
පිරිමි කාණ්ඩය
පළමු ස්ථානය - ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ තුවක්කු සෙබල එම්.එස්.ඒ. ප්‍රනාන්දු.
දෙවන ස්ථානය - ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ සැරයන් කේ. සම්මුගේෂ්වරන්.
තෙවන ස්ථානය - ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් කේ.ජී.වී.ඩී. කාරියවසම්.
කාන්තා කාණ්ඩය
පළමු ස්ථානය - ශ්‍රී ලංකා සංඥා බලකායේ ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්.ඒ.එම්.එන්. නිදර්ශනී.
දෙවන ස්ථානය - ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ ලාන්ස් කෝප්‍රල් ඒ.එල්.එස්.ඩී. ලියනගේ.
තෙවන ස්ථානය - ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ සාමාන්‍ය සෙබල බී.අයි.එම්. සෙව්වන්දි.