යුද්ධ හමුදාධිපතිතුමන් විශේෂ ඉෆ්තාර් උත්සවයකට සහභාගී වෙයි

පූජනීය රාමසාන් උපවාස කාලය වෙනුවෙන් ඉෆ්තාර් චාරිත්‍රානුකූලව සැමරීම සනිටුහන් කරමින් කොළඹ 07, ග්‍රෑන්ඩ් මේට්ලන්ඩ් හිදී 2026 මාර්තු මස 11 වන දින පැවති විශේෂ ඉෆ්තාර් උත්සවය සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගී විය.

මෙම උත්සවය මේජර් ජෙනරල් එම්. ආර්. රාසීක්ගේ RSP ndu මූලිකත්වයෙන් යුද්ධ හමුදා මුස්ලිම් සංගමය විසින් සංවිධානය කරන ලදී.

මෙම අවස්ථාවට යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් වයි. ඒ. බී. එම්. යහම්පත් RWP RSP ndu psc සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් කේ. වී. එන්. පී. ප්‍රේමරත්න RSP USP nps psc ඇතුළු ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන්, ආරක්‍ෂක උපදේශකයින්, ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ ඉගෙනුම ලබන විදේශීය මුස්ලිම් ශිෂ්‍ය නිලධාරීන්, නාවික හා ගුවන් හමුදාවන්හි සහ යුද්ධ හමුදාවේ සියලුම රෙජිමේන්තු නියෝජනය කරමින් නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.