221 පාබල බලසේනාව වෙතින් පරිත්‍යාග වැඩසටහනක්

221 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 2(ස්වේච්ඡා) බලඇණිය ගජබා රෙජිමේන්තුව විසින් 2025 සැප්තැම්බර් මස 17 දින ත්‍රිකුණාමලය, දමිළ සංගමය ප්‍රාථමික විද්‍යාලයේ ළමුන් සඳහා පොත් සහ අත්‍යාවශ්‍ය පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.

කැනඩාවේ වෙසෙන ඉන්පනාදන් සසිකුමාර් මහතා ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයන් සහ ශ්‍රී ලංකාවේ චමිල සමරජීව මහතා විසින් මෙම පරිත්‍යාගයන් සඳහා අනුග්‍රාහකත්වය දක්වන ලදී.

221 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඊ.ඩබ්ලිව්.ආර්.එස්.බී ඇහැලේපොල USP USACGSC ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධීක්‍ෂණය සහ සම්බන්ධීකරණය යටතේ මෙම වැඩසටහන පවත්වනු ලැබීය.