76 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව, 51 වන පාබල සේනාංකය වෙතින් නිවාස අවශ්‍යතා ඇති පවුලකට නව නිවසක්

76 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව, 51 වන පාබල සේනාංකයේ උපදෙස් මත සහ 513 වන පාබල බලසේනාවේ අධීක්ෂණය යටතේ, 11 ශ්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස් විසින් කරෙයිනගර් ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා ඇති පවුලක් සඳහා නව නිවසක් ඉදිකරන ලදී. එම නිවස 2025 ඔක්තෝබර් මස 10 දින ප්‍රතිලාභීන් වෙත පවරා දෙන ලදී.

51 පාබල සේනාංකයේ සේනාංකාධිපති, මේජර් ජෙනරල් එම්.පී.එන්.ඒ මුතුමාල USP psc, රාජ්‍ය නිලධාරීන් සමඟ නිවාස ප්‍රදානෝත්සවය සඳහා සහභාගී වූහ.

වන්නි ඒඩ් කැනඩා සංවිධානය විසින් පහසුකම් සපයන ලද, අභාවප්‍රාප්ත හර්බට් අලගරත්නම් මහතා සිහි කිරීම සඳහා “ජෝ-පීට් 68 කණ්ඩායමේ” මිතුරන්, මේජර් ජෙනරල් රවී රත්නසිංහම් (විශ්‍රාමික)ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සම්බන්ධීකරණයෙන් අත්‍යවශ්‍ය මූල්‍ය දායකත්වය ලබා දුන්හ.