26th September 2025
'ක්ලීන් ශ්‍රී ලංකා' වැඩසටහනට සමගාමීව යුද්ධ හමුදා භටපිරිස් විසින් පාසල් ළමුන්ගේ කියවීමේ රුච්කත්වය වැඩි දියුණු කිරීමේ අරමුණින් 2025 සැප්තැම්බර් මස 23 දින කොස්ගුලාන ප්‍රාථමික පාසලේ පුස්තකාලයට අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය පොත් 470ක් පමණ පරිත්‍යාග කරන ලදී.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ සේනාවිධායක බ්‍රිගේඩියර් වයි.එම්.එස්.සී.බී ජයතිලක RSP USP, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයන් පිරිසක් සහභාගි වූහ.