59 පාබල සේනාංකය පාපන්දු තරඟාවලියක් සංවිධානය කරයි

59 පාබල සේනාංකය විසින් 2025 සැප්තැම්බර් මස 10 දින මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩුඉරිප්පු, ඉරණපලෛයි ක්‍රීඩාංගණයේදී පාපන්දු තරඟාවලියක් සංවිධානය කරන ලදී.

ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගි වූ ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් කේ.එම්.පී.එස්.බී. කුලතුංග RSP ndc psc සමඟින් මුලතිව් දිස්ත්‍රික් ලේකම් ඒ. උමාමහේෂ්වරන් මහතා ද සහභාගි විය.

තරඟාවලිය සඳහා සහභාගී වූ පාපන්දු කණ්ඩායම් 22 ක් අතරින් මුලතිව් අලයියෝසායි ක්‍රීඩා සමාජය සහ උඩුප්පුකුලම් උදයම් ක්‍රීඩා සමාජය අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීය.

තරඟාවලියේ ශූරතාවය අලයියෝසායි ක්‍රීඩා සමාජයත් අනුශූරතාවය උදයම් ක්‍රීඩා සමාජයත් හිමිකර ගත් අතර, එහිදී ශූරතාවය, අනුශූරතාවය සහ දෙවන අනුශූරතාවය හිමිකර ගත් කණ්ඩායම් තුන වෙත කුසලාන, සහතිකපත්, ත්‍යාග පාර්සල් සහ මුදල් ත්‍යාග පිරිනමනු ලැබූ අතර, තරඟාවලිය පුරා කැපී පෙනෙන දස්කම් අගයමින් විශේෂ සම්මාන ද පිරිනමනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ ප්‍රදේශ වාසීන් රැසක් සහභාගී වූහ.