යාපනය ප්‍රදේශයේ පාසල් අධ්‍යාපනය ලබන දරුවන් වෙත පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහනක්

යුද්ධ හමුදා භටපිරිස් විසින් 2025 සැප්තැම්බර් මස 27 දින කරුගම්පනෙයි ප්‍රජා මධ්‍යස්ථානයේදී අඩු ආදායම් ලාභී පවුල්වල පාසල් අධ්‍යාපනය ලබන දරුවන් 80 දෙනෙකු වෙත පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

රත්නපුර, සිරිදේවනාන්ද පිරිවෙනෙහි නියෝජ්‍ය පරිවේණාධිපති පූජ්‍ය ඕපනායක සුසීම හිමියන් විසින් මෙම වැඩසටහන සඳහා මූල්‍යමය අනුග්‍රාහකත්වය දක්වන ලදී. මෙම අවස්ථාවට 51 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.පී.එන්.ඒ මුතුමාල USP psc, යාපනය කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ නෝබට් උදයකුමාර් මහතා සහ පාසල් විදුහල්පතිවරුන් සහභාගි වූහ.