2025-09-29
2025 ලෝක පිරිසිදු කිරීමේ දිනය පූනානි හිදී පවත්වයි
2025 ලෝක පිරිසිදු කිරීමේ දින වැඩසටහනට සමගාමීව 2025 සැප්තැම්බර් මස 25 දින 23 පාබල සේනාංකය සහ පුනානි ජාත්‍යන්තර විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලය සමඟ එක්ව පවත්වන ලදී.
යුද්ධ හමුදා සාමාජිකයන් 250කට වැඩි පිරිසක්, විශ්වවිද්‍යාල සිසුන් 400ක් සහ ස්වේච්ඡා සේවකයන් පිරිසක් නාවල්ලඩි සිට පුනානි දක්වා A-11 ප්‍රධාන මාර්ගයේ දෙපස කිලෝමීටර් 15ක දුරක් ආවරණය වන පරිදි මාර්ගය පිරිසිදු කිරීමේ වැඩසටහනට දායක විය.