සිවිල් ක්‍රියාකාරකමි

54 පාබල සේනාංකය සහ 4 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුව එක්ව මන්නාරම පවුල් අයෝද්‍ය මධ්‍යස්ථාන දේශණ ශාලාවේදී ගැබිනි මව්වරුන් 162 දෙනෙකු සඳහ‍ා දැනුවත් කිරීමේ සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනක් 2026 පෙබරවාරි මස 15 වන දින සංවිධානය කරන ලදී.


මුලතිව් ඉංජිනේරු සේවා බලකායේ නිලධාරී අණදෙන භටපිරිස් හි දෙවන සංවත්සරයට සමගාමීව, 2026 පෙබරවාරි 10 වන දින කඳවුරු පරිශ්‍රයේදී ලේ දන්දීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.


කිලිනොච්චිය, අක්කරායන් ප්‍රදේශයේ පැවැති ආගමික පෙරහැරකදී, පුදුකුඩුඉරිප්පු තේවිපුරම් සිට මන්නාරම තිරුකේතීශ්වරම් කෝවිල දක්වා පූජනීය ශිව ලිංග ප්‍රතිමාවක් රැගෙන ගිය බැතිමතුන් පිරිසකට සහය වීම සඳහා 2026 පෙබරවාරි මස 12 දින 11 (ස්වේච්ඡා) බලඇණිය ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් කටයුතු කළහ.


78 වන ජාතික නිදහස් දිනයට සමගාමීව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සිවිල් පරිපාලන අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් රුධිරය දන්දීමේ වැඩසටහනක් පෑලියගොඩ එම පරිශ්‍රයේදී 2026 පෙබරවාරි මස 10 වන දින පවත්වන ලදී.


562 සහ 563 පාබල බලසේනාවන්හි භටපිරිස් විසින් Spirit of Giving සංවිධානය සමඟ එක්ව 2026 පෙබරවාරි මස 05 වන දින වවුනියාව, රාජේන්ද්‍රකුලම් රජයේ දමිළ මිශ්‍ර පාසලේදී සහ වවුනියාව, මහකච්චකොඩිය රජයේ සිංහල මිශ්‍ර පාසලේදී දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් සිසුන් සඳහා පොත් සහ ලිපි ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සංවිධානය කරනලදී.


78 වන ජාතික නිදහස් දිනයට සමගාමීව 55 වන පාබල සේනාංකයේ භටපිරිස් විසින් කිලිනොච්චි රතු කුරුස සමාජය සහ උතුරු පළාත් ජනතා අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය සමඟ එක්ව 2026 පෙබරවාරි මස 04 වන දින කිලිනොච්චි දිස්ත්‍රික් රෝහලේ ප්‍රාදේශීය රුධිර මධ්‍යස්ථානයේදී රුධිර දන්දීමේ වැඩසටහනක් පවත්වන ලදී.


78 වන නිදහස් දින සැමරුමට සමගාමීව, පේදුරුතුඩුව මූලික රෝහලේ රුධිර අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා 52 වන පාබල සේනාංකයේ උපදෙස් පරිදි එම රෝහලේ රුධිර බැංකුවේ ඉල්ලීමකට අනුව 521 පාබල බලසේනාව විසින් 2026 පෙබරවාරි මස 06 වන රුධිර පරිත්‍යාග වැඩසටහනක් සංවිධානය කරන ලදී.


ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර භටපිරිස් විසින් 78 නිදහස් දිනයට සමගාමීව, 2026 පෙබරවාරි මස 03 දින වැලිකන්ද මූලික රෝහලේ දී ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ජේ.එස්.බී.ඩබ්ලිව්. පල්ලේකුඹුර RWP RSP ndu psc මඟපෙන්වීම යටතේ පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.


ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දින සැමරුමට සමගාමීව 51 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.ආර්. රාසික් RSP ndu ගේ මඟපෙන්වීම යටතේ එම සේනාංකයේ භටපිරිස් විසින් 2026 පෙබරවාරි මස 04 වන දින සේනාංක මූලස්ථානයේදී රුධිර පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදී.


කඹුරුපිටිය, අභිමංසල 2 සුවතා නිකේතනයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ජී.ජී.ආර් මධුගොඩ USP ගේ මඟ පෙන්වීම යටතේ 2026 ජනවාරි මස 18 වන දින එම සුවතා නිකේතන බහුකාර්ය ශාලාවේදී ධර්ම දේශනාවක් පවත්වනු ලැබීය.