Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th December 2023 20:10:00 Hours

කතරගම කාති මංගල්‍යය පැවැත්වීම සඳහා 12 පාබල සේනාංකයේ භටපිරිස්හි සහයෝගය

කතරගම පුදබිමේ වාර්ෂිකව පවත්වනු ලබන කාති මංගල්‍යය පැවැත්වීම සඳහා කතරගම දේවාලයේ බස්නායක නිලමේතුමන්ගේ ඉල්ලීමකට අනුව ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 පාබල සේනාංකයේ භටපිරිස් විසින් පසුගිය ඉරිදා (නොවැම්බර් මස 26) දින සිය දායකත්වය ලබාදුන්හ.

භටපිරිස් විසින් 2000 කට අධික බැතිමතුන් පිරිසකට පිසූ ආහාර ලබාදෙමින් මෙම ආගමික උත්සවය සාර්ථක ලෙස පැවැත්වීමට අවශ්‍ය ආරක්‍ෂාව සැපයීම ද සිදුකරනු ලැබූහ.

ආහාර පිළියෙළ කිරීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සහ අනෙකුත් පහසුකම් බස්නායක නිලමේ කාර්යාලය මඟින් සපයනු ලැබූ අතර 12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සී.එස්. මුණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආරඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිජී ගේ මඟපෙන්වීම මත භටපිරිස් විසින් මෙම පුණ්‍ය වැඩසටහන සඳහා සිය දායකත්වය ලබාදුන්හ.