Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th February 2023 18:00:08 Hours

221 වන පාබල බලසේනාවේ භටපිරිස්වල සම්බන්ධීකරණයෙන් පාසල් උපකරණ ලබාදීමේ සමාජ සත්කාරක වැඩසටහනක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 22 වන පාබල සේනාංක මූලස්ථානයේ 221 වන පාබල බලසේනාවේ භටපිරිස්වල සම්බන්ධීකරණයෙන් එංගලන්තයේ ‘චෙස්නට් පදනමේ’ (Chesnut Foundation ) මූල්‍යමය අනුග්‍රාහකත්වය මත ත්‍රිකුණාමලය සිංහල මහා විද්‍යාලයේ 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් දක්‍ෂතා දැක්වූ සිසු සිසුවියන් 25 දෙනෙකු සඳහා පාසල් උපකරණ බෙදාදීමේ සමාජ සත්කාරක වැඩසටහනක් පසුගිය සඳුදා (27) දින පවත්වනු ලැබීය.

ලුතිනන් ටී තිලකරත්න ගේ සම්බන්ධීකරණයෙන් ‘Chesnut Foundation’ හි ප්‍රධාන විධායක නිලධාරී දානපති වෛද්‍ය නදීත් කෞෂල්‍ය විසින් මෙම වැඩසටහන සඳහා අවශ්‍ය මූල්‍යමය දායකත්වය ලබා දෙන ලදී.

දැඩි ආර්ථික දුෂ්කරථා මධ්‍යයේ දිවි ගෙවන අඩු ආදායම්ලාභී පවුල්වල 5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත් සිසු සිසුවියන් සඳහා ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීම සඳහා මෙම පරිත්‍යාගයන් සිදුකරනු ලැබූ අතර, පාසල් උපකරණ බෙදා දීමේ උත්සවය ත්‍රිකුණාමලය සිංහල මහා විද්‍යාලීය පරිශ්‍රයේදී විදුහල්පතිතුමන්, ගුරුභවතුන් සහ දෙමාපියන්ගේ සහභාගිත්වයෙන් පවත්වනු ලැබීය.

මෙම සමාජ සත්කාරක වැඩසටහන 22 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් මත 221 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය යටතේ සිදුකරනු ලැබීය.

උත්සව අවස්ථාව සඳහා 221 පාබල බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.