20th December 2024 11:59:11 Hours
10 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ මූලිකත්වයෙන් එම ඒකක බලප්‍රදේශයේ පිහිටි නද්දන්කන්ඩාල් ප්‍රදේශයේ ඇති වූ ගංවතුර තත්ත්වයෙන් අවතැන් වූ පවුල් 60 ක වැසියන් වෙනුවෙන් වියළි ආහාර සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් 2024 දෙසැම්බර් මස 14 දින ක්‍රියාත්මක කරනු ලැබීය.
ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ සංකල්පයකට අනුව 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.එන්.ඩී. කරුණාපාල ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් හා 561 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් බී.ඩී. ප්‍රනාන්දු යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී ගේ මඟපෙන්වීමත්, 10 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් කේ.ඒ.කේ. හේවාපතගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ අධීක්‍ෂණයත් යටතේ භටපිරිස් විසින් මෙම සමාජ සත්කාරක වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබූහ.
යුද්ධ හමුදාව වෙතින් ක්‍රියාත්මක කළ මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන සඳහා Esoft අධ්‍යාපන ආයතනයේ MBA – 8 කණ්ඩායමේ සිසු සිසුවියන්ගේ දායකත්වය ද හිමිවූහ.