යාපනය ප්‍රදේශයේදී දිවිපිදූ ඉන්දීය සාම සාධක රණවිරුවන් අනුස්මරණය කරයි

වර්ෂ 1987-1990 කාලය තුලදී එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ට එරෙහිව මෙරටදී සටන් වැදුණු ඉන්දීය සාම සාධක හමුදාවේ දිවිපිදූ රණවිරුවන් අනුස්මරණය කිරීමේ උත්සවයක් ඉන්දියානු ජනරජ දිනයට සමගාමීව 2026 ජනවාරි මස 26 දින පලාලි ප්‍රදේශයේ පිහිටි ඉන්දීය සාම සාධක හමුදා රණවිරු ස්මාරකය අභියසදී පවත්වනු ලැබීය. ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය සහ යාපනය ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා ඉන්දීය කොන්සල් ජෙනරාල් කාර්යාලයේ සහයෝගය ඇතිව මෙම අනුස්මරණ උත්සවය සංවිධානය කරන ලදී.

යාපනය ප්‍රදේශයේ ශ්‍රී ලංකා ඉන්දීය කොන්සල් ජෙනරාල් ශ්‍රී සායි මුරලි එස් මහතා සහ 51 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.ආර් රාසික් RSP ndu රණවිරු ස්මාරකය වෙත පුුෂ්පෝපහාර පුදකරමින් දිවිපිදූ ඉන්දීය රණවිරුවන් වෙත ගෞරවාචාර දැක්වීය.

මෙම උත්සව අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ඉන්දීය කොන්සල් ජෙනරාල් කාර්යාලයේ නිලධාරීන්, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ භටපිරිස් ද සහභාගි වූහ.