යුද්ධ හමුදා නව විධායක ජෙනරාල් ධූරයේ රාජකාරි අරඹයි

යුද්ධ හමුදාවේ 42 වන විධායක ජෙනරාල් වශයෙන් මේජර් ජෙනරල් එච්.එච්.කේ.එස්.එස් හේවගේ RWP RSP USP rcds psc, 2026 ජනවාරි මස 27 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේදී සිය ධූරයේ රාජකාරි භාර ගනු ලැබීය.

රාජකාරි භාරගැනීමෙන් පසුව, එම ජ්‍යෙෂ්ඨ නිලධාරි එම අධ්‍යක්‍ෂ මණ්ඩයේ සියලුම නිලයන් අමතමින් යුද්ධ හමුදාවේ අභිවෘද්ධිය උදෙසා තම ඉදිරි දැක්ම පෙන්වා දුන්නේය.

මෙම ධූරයේ රාජකාරි භාරගැනීමට පෙර එම ජ්‍යෙෂ්ඨ නිලධාරි ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක වශයෙන් රාජකාරි සිදුකරන ලදී.