බ්‍රිගේඩියර් ආර්.පී මුනිපුර (විශ්‍රාමික) RWP RSP ජ්‍යෙෂ්ඨ නිලධාරි, 2026 ජනවාරි මස 01 දින කිරිබත්ගොඩ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය. අභාවප්‍රාප්ත වන විට එම ජ්‍යෙෂ්ඨ නිලධාරි 55 වන වියේ පසු විය.
ජාතියේ ආරක්ෂකයා
බ්‍රිගේඩියර් ආර්.පී මුනිපුර (විශ්‍රාමික) RWP RSP ජ්‍යෙෂ්ඨ නිලධාරි, 2026 ජනවාරි මස 01 දින කිරිබත්ගොඩ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය. අභාවප්‍රාප්ත වන විට එම ජ්‍යෙෂ්ඨ නිලධාරි 55 වන වියේ පසු විය.
බ්‍රිගේඩියර් අයි.එච්.එස් විජේසේන (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 දෙසැම්බර් මස 30 දින අභාවප්‍රාප්ත විය. අභාවප්‍රාප්ත වන විට එම ජ්‍යෙෂ්ඨ නිලධාරි 63 වන වියේ පසු විය.
55 වන පාබල සේනාංකයේ 29 වන සංවත්සරය 2025 දෙසැම්බර් මස 15 වන දින කිලිනොච්චියේ පිහිටි එම සේනාංකයේදී සමරනු ලැබීය.
යුද්ධ හමුදා මූලස්ථානයේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෙස මේජර් ජෙනරල් එස්.පී වික්‍රමසේකර RWP RSP USP psc විසින් 2025 දෙසැම්බර් මස 29 වන දින සිය ධූරයේ රාජකාරි භාරගන්නා ලදී.
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ගේ සංකල්පයක් මත අනුරාධපුර, අභිමංසල –1 සුවතා නිකේතනයේ සේනාවිධායක බ්‍රිගේඩියර් යූ.ආර්.අයි.බී රණතුංග RSP USP ගේ මඟපෙන්වීම යටතේ, 2025 දෙසැම්බර් මස 23 වන දින එම සුවතා නිකේතනයේදී අනුරාධපුර පදවිරදගුරු මහාචාර්ය නෝබට් අන්රාදි රදගුරුතුමන් විසින් අභිමංසල –1 සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන් වෙත ආශිර්වාද කිරීමේ දේව මෙහෙයක් පවත්වන ලදී.
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ගේ උපදෙස් මත අභිමංසල 3 හි පිහිටි වෙල්නස් රිසෝට් හිදී 2025 දෙසැම්බර් මස 23 දින නත්තල් සැමරුම් වැඩසටහනක් පවත්වන ලදී.
යුද්ධ හමුදාවේ භාවිත වන ජෛව වෛද්‍ය උපකරණ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව විසින් නඩත්තු කිරීම සහ නවෝත්පාදනය කිරීම මගින් යුද්ධ හමුදාවේ මෙහෙයුම් සූදානම අඛණ්ඩව සහතික කරනු ලබයි.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා රණවිරුසේවා හා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ලෙස බ්‍රිගේඩියර් ආර්.ජී. එල්.කේ. වීරකෝන් RWP RSP විසින් 2025 දෙසැම්බර් මස 17 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී සිය ධූරයේ රාජකාරි භාරගන්නා ලදි.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ 16 වන බලකාධිපති ලෙස මේජර් ජෙනරල් පී.එස්. සුභාත් සංජීව RSP nps psc විසින් 2025 දෙසැම්බර් මස 18 දින එම බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සිය ධූරයේ රාජකාරින් භාරගන්නා ලදී.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 13 වන ප්‍රධාන සංඥා නිලධාරි ලෙස මේජර් ජෙනරල් කේ.එම්.ජී. බණ්ඩාරනායක USP ndc psc විසින් 2025 දෙසැම්බර් මස 16 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී පැවති උත්සවයකදී සිය ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.