යුද්ධ හමුදා මූලස්ථානයේ පැවැති කෙටි උත්සවයකදී 20 වන වත්කම් කළමනාකරණ අධ්‍යක්ෂ ලෙස බ්‍රිගේඩියර් එස්.ආර්. හේවාපතිරණ lsc, 2026 මාර්තු මස 10 දින ආගමික වතාවත් සහ හමුදා සම්ප්‍රදායානුකූලව ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.
යුද්ධ හමුදා විශේෂාංග
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව සහ රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධීක්‍ෂණය යටතේ, රණවිරු සෙවන පුනරුත්ථාපන මධ්‍යස්ථානය, මිහිඳු සෙත් මැදුර සහ අභිමංසල 1, 2, සහ 3 සුවතා නිකේතනයන්හි ප්‍රථිකාර ලබන රණවිරුවන් පිරිසක් වෙනුවෙන් විශේෂ නාවික සංචාරයක් සංවිධානය කර තිබුණි.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 10 වන තත්ත්ව ආරක්‍ෂණ හා පිරික්සුම් අධ්‍යක්‍ෂ වශයෙන් බ්‍රිගේඩියර් පී.ඩබ්ලිව්.එම්.එම්.ඩී. විජේරත්න RSP USP ndc 2026 මාර්තු මස 06 වන දින සිය ධූරයේ රාජකාරි ගන්නා ලදී.
51 වන පාබල සේනාංකය විසින් 2026 මාර්තු මස 01 වන දින ඓතිහාසික නාගදීප පුරාණ රජමහා විහාරස්ථානයේදී දී දානමය පිංකමක් සිදුකරන ලදී.
යුද්ධ හමුදාවේ 77 වන සංවත්සරයට සමගාමීව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත පර්යේෂණ, සංකල්ප සහ මූලධර්ම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සම්බන්ධීකරණයෙන් 1 වන බලකායේ භටපිරිස් විසින් නෙළුම් පියස’ ශ්‍රවණාගාරයේදී ‘Corps Creators Expo’ නවෝත්පාදන තරඟය 2026 පෙබරවාරි මස 19 සහ 20 යන දිනයන්හිදී පවත්වන ලදී.
57 වන පාබල සේනාංකයේ 19 වන සංවත්සරය එම පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.එම්.වී. කොඩිතුවක්කු ndu ගේ මඟ පෙන්වීම සහ අධීක්‍ෂණය යටතේ 2026 පෙබරවාරි 26 වන දින සමරනු ලැබීය.
යුද්ධ හමුදා බුද්ධි බලකායට ලැබුණු තොරතුරක් මත, වැලිගම පොලිසිය හා ඒකාබද්ධව 2026 පෙබරවාරි මස 24 වන දින මාතර දිස්ත්‍රික්කයේ වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ විශේෂ වැටලීමක් සිදු කරන ලදී.
යුද්ධ හමුදා බුද්ධි බලකායට ලැබුණු තොරතුරක් මත, ගෝනහේන විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් හා ඒකාබද්ධව 2026 පෙබරවාරි මස 25 දින විශේෂ මෙහෙයුමක් සිදු කරන ලදී. එහිදී කිරුළපන, බලපොකුණ පාරේ පිහිටි ළමා උද්‍යානය අසලදී හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5ක් සහ ස්කූටර් වර්ගයේ යතුරුපැදියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගන්නා ලදී.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 17 වන විනයාරක්‍ෂාධිපති වශයෙන් බ්‍රිගේඩියර් එච්.ඒ.එච්.සී. අල්විස් USP 2026 පෙබරවාරි මස 16 වන දින ආගමික වතාවත් මධ්‍යයේ සහ හමුදා සම්ප්‍රධායානුකූලව යුද්ධ හමුදා මූලස්ථානයේදී රාජකාරි භාර ගනු ලැබීය.