2nd February 2026
ආපදා සහන සේවා කටයුතු සඳහා 553 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 6 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 14 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස්හි කැපවීම ඇගයීමට කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් එම බලසේනා මූලස්ථානයේදී විශේෂ ඇගයීමේ උත්සවයක් 2026 ජනවාරි මස 29 වන දින සංවිධානය කරන ලදී.
එහිදී, දිස්ත්‍රික් ලේකම් මුරලිදරන් මහතා විසින් සුළි කුණාටු කාලය තුළ ජීවිත ගලවා ගැනීමේ සහ පුනරුත්ථාපන කටයුතු සඳහා ක්‍රියාකාරීව සහභාගී වූ නිලධාරීන් සහ සෙසුනිලයන් සඳහා ඇගයීමේ සහතිකපත් ප්‍රදානය කරන ලදී.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් සහ සෙනිලයන් සහභාගී වූහ.