ශ්‍රී ලංකා යුද්ධ හමුදා නව පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ සිය ධූරයේ රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා නව පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ ලෙස බ්‍රිගේඩියර් ඒ.පී.ඒ.ඩී.ඩී ධර්මකීර්ති RWP RSP USP psc ptsc 2026 පෙබරවාරි මස 09 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේදී මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ සිය ධූරයේ රාජකාරි භාර ගනු ලැබීය.

මෙම අවස්ථාවට එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.