16th February 2026
11 වන පාබල සේනාංකයේ 16 වන සංවත්සරය වෙනුවෙන් එම පාබල සේනාංකයේදී ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූල උත්සව මාලාවක් 11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.ජේ.ආර්.එස්. මැදගොඩ RSP USP ndc psc IG ගේ මඟ පෙන්වීම යටතේ 2026 පෙබරවාරි මස 15 වන දින පැවැත්විණි.
සැමරුම් උත්සවයේ කටයුතු ආරම්භ කරමින් එම සේනාංකයේ රාජකාරියෙහි නියුතු සියලුම සමාජිකයන්ට ආශිර්වාද පතා ආගමික වතාවත් පැවැත්වූ අතර, පසුව සේනාංකාධිපති වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරයන් පිරිනමන ලදී. ඉන් අනතුරුව, මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා සේනාංක පරිශ්‍රයේ පැළයක් රෝපණය කරනු ලැබීය.
ඉන් පසුව, සේනාංකාධිපති විසින් භටපිරිස් අමතා සියලු නිල දිවා භෝජන සංග්‍රහයකට සහභාගී විය. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.