27th February 2026
යුද්ධ හමුදා බුද්ධි බලකායට ලැබුණු තොරතුරක් මත, වැලිගම පොලිසිය හා ඒකාබද්ධව 2026 පෙබරවාරි මස 24 වන දින මාතර දිස්ත්‍රික්කයේ වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ විශේෂ වැටලීමක් සිදු කරන ලදී.
මෙම මෙහෙයුමේදී වල්ලපට්ටා කිලෝ ග්‍රෑම් 136ක් සහ වල්ලපට්ටා තෙල් නිස්සාරණය කිරීම සඳහා භාවිත කරන උපකරණ තොගයක් අත්අඩංගුවට ගත් අතර, එහිදී එක් සැකකරුවෙකු ද අත්අඩංගුවට ගන්නා ලදී. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වැලිගම පොලිසිය මඟින් සිදු කරනු ලබයි.