Wavenden වන රක්ෂිතයේ ඇති වූ ගින්නක් යුද්ධ හමුදා භට පිරිස් කඩිනමින් මැඩපවත්වයි

2026 මාර්තු මස 07 දින රම්බොඩ, ගැරඩිඇල්ල ප්‍රදේශයේ පිහිටි Wavenden වන රක්ෂිතයේ හදිසියේ හටගත් ලැව්ගින්නකට ප්‍රතිචාර දක්වමින් 3 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් වහා ක්‍රියාත්මක විය. අතිශය දුෂ්කර භූමි භාගයක සහ ඝන වනාන්තරයක් තුළ වේගයෙන් පැතිර ගිය මෙම ගින්න, දැඩි අවදානම් තත්ත්වයන් මධ්‍යයේ වුවද පරිසරයට සිදුවීමට ගිය බරපතල හානිය වළක්වමින් ඉතා කඩිනමින් පාලනය කිරීමට යුද්ධ හමුදා භට පිරිස් සමත් විය.