27th February 2026
යුද්ධ හමුදා බුද්ධි බලකායට ලැබුණු තොරතුරක් මත, ගෝනහේන විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් හා ඒකාබද්ධව 2026 පෙබරවාරි මස 25 දින විශේෂ මෙහෙයුමක් සිදු කරන ලදී. එහිදී කිරුළපන, බලපොකුණ පාරේ පිහිටි ළමා උද්‍යානය අසලදී හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5ක් සහ ස්කූටර් වර්ගයේ යතුරුපැදියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගන්නා ලදී.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ ඇස්තමේන්තුගත වටිනාකම රුපියල් ලක්ෂ 300ක් පමණ වේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මඟින් සිදු කරනු ලබයි.