57 වන පාබල සේනාංකය සිය 19 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

57 වන පාබල සේනාංකයේ 19 වන සංවත්සරය එම පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.එම්.වී. කොඩිතුවක්කු ndu ගේ මඟ පෙන්වීම සහ අධීක්‍ෂණය යටතේ 2026 පෙබරවාරි 26 වන දින සමරනු ලැබීය.

මෙම සැමරුමට සමගාමීව රිදී විහාරයේදී බෝධි පූජාවක්, ආගමික වතාවත් සහ දානමය පිංකමක් සිදුකරනු ලැබූ අතර, සන්ධ්‍යාවේ සංගීත ප්‍රසංගයක් පවත්වනු ලැබීය. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.