1 වන බලකායේ භටපිරිස් “Corps Creators Expo” නවෝත්පාදන ප්‍රදර්ශනය 2026 පවත්වත්වයි

යුද්ධ හමුදාවේ 77 වන සංවත්සරයට සමගාමීව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත පර්යේෂණ, සංකල්ප සහ මූලධර්ම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සම්බන්ධීකරණයෙන් 1 වන බලකායේ භටපිරිස් විසින් නෙළුම් පියස’ ශ්‍රවණාගාරයේදී ‘Corps Creators Expo’ නවෝත්පාදන තරඟය 2026 පෙබරවාරි මස 19 සහ 20 යන දිනයන්හිදී පවත්වන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 1 වන බලකායේ බලකාධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් පී.එස්. සුභාත් සංජීව RSP nps psc, සහභාගී විය.

මෙම තරඟය සඳහා 1 වන බලකා මූලස්ථානය, 53 සහ 58 වන පාබල සේනාංක, පාබල බලසේනා සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන් විසින් නවෝත්පාදන 53 ක් ඉදිරිපත් කරන ලදී.

එහිදී, සහභාගී වූ සියලුම දෙනාට ඔවුන්ගේ නවෝත්පාදන දායකත්වය අගයමින් සහතිකපත් ප්‍රදානය කරන ලදී. තෝරාගත් නවෝත්පාදකයින් දස දෙනෙකු වෙත විශේෂ සහතිකපත් ප්‍රදානය කරන ලද අතර, අවසන් වටය සඳහාද තරඟ කිරීමට අවස්ථාව හිමිවූහ. එහිදී පළමු, දෙවන සහ තෙවන ස්ථාන පහත පරිදි ලබා ගන්නා ලදී:

* පළමු ස්ථානය - දෙවන ලුතිනන් ඊ.එම්.එන්.එම්.ආර්. එදිරිසිංහ - 6 වන විජයබාහු පාබල රෙජිමේන්තුව (Sentry X Equipment)

* දෙවන ස්ථානය - දෙවන ලුතිනන් ඊ.එම්.එන්.එම්.ආර්. එදිරිසිංහ - 6 වන විජයබාහු පාබල රෙජිමේන්තුව (Aqua Angle Equipment)

* තෙවන ස්ථානය - සැරයන් ඩී.එම්.එස්.ඩී. දිසානායක - 8 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව (Automated Multifunction Device)

මෙම අවස්ථාවට පර්යේෂණ, සංකල්ප සහ මූලධර්ම අධ්‍යක්‍ෂක ජෙනරාල් මේජර් ජෙනරල් ජී.ඩී.ජේ.සී. ප්‍රේමතිලක USP ndc psc, පර්යේෂණ, විශ්ලේෂණ, යෝජනා සහ සංවර්ධන අංශ ප්‍රධානී බ්‍රිගේඩියර් වයි.එස්.පී. සුමනසිංහ RSP, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.