උණුසුම් පුවත්
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් නව නිවසක් යුද්ධ හමුදා සාමාජිකයෙකු වෙත ලබාදී යුද්ධ හමුදා යුධෝපකරණ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නිල සංචාරයක
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG, ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ රාජකාරි කරනු ලබන ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරියෙකු සඳහා බටගොඩ ප්‍රදේශයේ නවතමයෙන් ඉදිකරන ලද නිවසක් 2026 අප්‍රේල් මස 06 වන දින භාරදෙනු ලැබීය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන ධූරයේ රාජකාරි අරඹයි
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන ලෙස ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මේජර් ජෙනරල් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න RSP USP nps psc, 2026 අප්‍රේල් මස 06 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ධූරයේ රාජකාරි භාරගන්නා ලදී. මෙම තනතුර යුද්ධ හමුදාවේ තුන්වන ජ්‍යෙෂ්ඨතම තනතුරයි.
යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නව සේනාවිධායක ධූරයේ රාජකාරි අරඹයි
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ 62 වන සේනාවිධායක ලෙස ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් යූ.කේ.ඩී.ඩී.පී. උඩුගම RWP RSP USP ndc psc, 2026 අප්‍රේල් මස 04 වන දින කොස්ගම, එම බලසේනා මූලස්ථානයේදී ධූරයේ රාජකාරි භාරගනු ලැබීය.
ධූරයෙන් නික්ම යන යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක වෙත එම බලසේනාවේ ගෞරවාචාරය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ 61 වන සේනාවිධායක ලෙස කටයුතු කරනු ලැබූ මේජර් ජෙනරල් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න RSP USP nps psc, 2026 අප්‍රේල් මස 2 වන දින එම ධූරයෙන් නික්ම යන ලදී.
අලුත් අවුරුද්ද වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් මිහිඳු සෙත් මැදුර සහ අභිමංසල 3 සුවතා නිකේතනයන්හි නිල සංචාරයක
ලබන්නාවූ අලුත් අවුරුද්දට සමගාමීව, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG, 2026 අප්‍රේල් මස 03 වන දින අත්තිඩිය, මිහිඳු සෙත් මැදුර සහ පාන්ගොල්ල, අභිමංසල 3 යන සුවතා නිකේතනයන්හි නිල සංචාරයක නිරත විය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 68 වන මාණ්ඩලික ප්‍රධාන ධූරයේ රාජකාරී අරඹයි
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 68 වන මාණ්ඩලික ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකා පාබල හමුදාවේ මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් RWP RSP ndu psc, 2026 අප්‍රේල් මස 02 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේදී රාජකාරීන් භාරගන්නා ලදී.
යුද්ධ හමුදා නව මාණ්ඩලික ප්‍රධාන යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි
2026 අප්‍රේල් මස 02 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc විසින් යුද්ධ හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධාන වශයෙන් පත්කරනු ලැබූ මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් RWP RSP ndu psc වෙත එම ධූරයේ පත්වීමේ ලිපිය නිල වශයෙන් භාර දෙන ලදී.
සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් රාගම රණවිරු සෙවණ සුවතා නිකේතනයේ නිල සංචාරයක
ලබන්නාවූ සිංහල සහ දමිළ අලුත් අවුරුද්දට සමගාමීව, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG, 2026 අප්‍රේල් මස 01 වන දින රාගම, රණවිරු සෙවණ සුවතා නිකේතනයේ නිල සංචාරයක නිරත විය.
ධූරයෙන් නික්මයන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන වෙත හමුදා උත්තමාචාරය පිරිනමයි
ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ. දොලගේ USP nps psc 2026 මාර්තු මස 31 දින පැවැති හමුදා සම්ප්‍රදායානුකූල උත්සවයකදී සිය ධුරයෙන් සමුගන්නා ලදී.
සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් අභිමන්සල 2 සුවතා නිකේතනයේ නිල සංචාරයක
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG, 2026 මාර්තු මස 31 වන දින කඹුරුපිටිය, අභිමන්සල 2 සුවතා නිකේතනයේ සංචාරයක නිරත විය.