උණුසුම් පුවත්
විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට
වසර 34 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් සී.එස්. තිබ්බොටුගේ ජ්‍යෙෂ්ඨ නිලධාරි, 2026 මාර්තු මස 17 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.
යුද්ධ හමුදා සාමාජිකයින්ගේ දරුවන් වෙනුවෙන් ලැප්ටොප් පරිගණක ප්‍රදානය කිරීමේ වැඩසටහනක්
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ගේ සංකල්පයකට අනුව හමුදා සාමාජිකයන්ගේ සහ යුද්ධ හමුදාවේ සේවය කරන සිවිල් සේවක මහත්ම මහත්මීන්ගේ දරුවන්ට ඩිජිටල් ඉගෙනුම් සම්පත් සඳහා ඇති ප්‍රවේශය පුළුල් කරමින් ඔවුන්ගේ උසස් අධ්‍යාපන කටයුතු දිරිමත් කිරීම වෙනුවෙන්, සංවිධානය කරන ලද ලැප්ටොප් පරිගණක ප්‍රදානය කිරීමේ උත්සවයක් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් 2026 මාර්තු 13 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.
දකුණු සුඩානයේ ‘SRIMED’ දෙවන මට්ටමේ රෝහලෙහි රාජකාරි සඳහා 12 වන ශ්‍රී ලංකා වෛද්‍ය කණ්ඩායම දිවයිනෙන් පිටව යයි
The 12th contingent of the Sri Lanka Army Medical Corps (SLAMC) departed the country to serve at the Level-2 SRIMED Hospital under the United Nations Peacekeeping Mission in South Sudan (UNMISS) on 13 March 2026.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යා පීඨයේ නිලධාරීන් සහ අධිකාරී නොලත් නිලධාරීන් සඳහා නායකත්ව ප්‍රවර්ධන වැඩමුළුවක්
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ නිලධාරීන්, කෙඩෙට් නිලධාරීන් සහ සෙසුනිලයන්ගේ නායකත්ව ප්‍රමිතීන්, වෘත්තීය වගකීම සහ උපදේශන හැකියාවන් ඉහළ නැංවීමේ අරමුණින්, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව සංවිධානය කරන ලද දෙදින නායකත්වය ප්‍රවර්ධන කිරීමේ වැඩමුළුවක් 2026 මාර්තු මස 06 සහ 07 යන දිනයන්හිදී දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සීනෝ-ලංකා මිත්‍රත්ව ශ්‍රවණාගාරයේදී සාර්ථකව පවත්වන ලදී.
දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් යටතේ ස්ථාපිත දෙවන මට්ටමේ රෝහලෙහි සේවය කළ 11 වන වෛද්‍ය කණ්ඩායම දිවයිනට
දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් කටයුතු සඳහා බෝර් ප්‍රදේශයේ පිහිටි දෙවන මට්ටමේ රෝහලේ වසරක සේවා කාලයක් සාර්ථකව නිම කළ 11 වන වෛද්‍ය කණ්ඩායම 2026 මාර්තු මස 11 දින ශ්‍රී ලංකාවට පැමිණි අතර, එම කණ්ඩායමට නිලධාරීන් 10 දෙනෙකු සහ සෙසුනිලයන් 41 දෙනෙකු ඇතුළත් වූහ. එමෙන්ම, එම කණ්ඩායම මෙරටට පැමිනීමෙන් පසුව නිලධාරීන් 05 දෙනෙකු සහ සෙසුනිලයන් 04 දෙනෙකු දකුණු සුඩානයේ රැඳී සිටින අතර, ඔවුන් ඉදිරියේදී මෙරටට පැමිණීමට නියමිතය.
යුද්ධ හමුදාධිපතිතුමන් විශේෂ ඉෆ්තාර් උත්සවයකට සහභාගී වෙයි
පූජනීය රාමසාන් උපවාස කාලය වෙනුවෙන් ඉෆ්තාර් චාරිත්‍රානුකූලව සැමරීම සනිටුහන් කරමින් කොළඹ 07, ග්‍රෑන්ඩ් මේට්ලන්ඩ් හිදී 2026 මාර්තු මස 11 වන දින පැවති විශේෂ ඉෆ්තාර් උත්සවය සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගී විය.
යුද්ධ හමුදාධිපතිතුමන් මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත සුභ පැතුම් පිරිනමයි
2026 මාර්තු මස 11 දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති සුහද හමුවකදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG විසින් මේජර් ජෙනරල් ඒ.එස්.පී. ජයම්පති USP වෙත අධිකාරියේ සංකේතය පිරිනමා සුභ පැතුම් එක්කරන ලදී.
ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා තරඟාවලිය - 2026 සමාප්ති උත්සවයට යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන සහභාගි වෙයි
ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ 2026 අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා තරඟාවලිය, 2026 මාර්තු 08 වන දින දියගම, මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවති අතර, එහි සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ. දොලගේ USP nps psc සහභාගී විය.
යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක 12 වන (ස්වේච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුව සහ 3 වන (ස්වේච්ඡා) බලඇණිය ගැමුණු හේවා බලකායේ නිල සංචාරයක
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න RSP USP nps psc, 2026 මාර්තු මස 06 වන දින කඹුරුපිටියේ ස්ථාපිත 12 වන (ස්වේච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ සහ මාතර ස්ථාපිත 3 වන (ස්වේච්ඡා) බලඇණිය ගැමුණු හේවා බලකායේ නිල සංචාරයක නිරත විය.
යුද්ධ හමුදාධිපතිතුමන් මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත සුභ පැතුම් පිරිනමයි
2026 මාර්තු මස 09 දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති සුහද හමුවකදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG විසින් මේජර් ජෙනරල් වයි.එච්.පී. රංගජීව USP ndu වෙත අධිකාරියේ සංකේතය පිරිනමා සුභ පැතුම් එක්කරන ලදී.