උණුසුම් පුවත්
ඉන්දියානු ගුවන් හමුදාධිපති තුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානයේ සංචාරයක
ඉන්දියානු ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් ඒ.පී. සිං PVSM AVSM 2026 මැයි මස 21 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරත විය.
යුද්ධ හමුදාධිපති තුමන් කොළඹ යුද්ධ හමුදා රෝහලේ නිල සංචාරයක
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ndu psc IG 2026 මැයි මස 20 දින කොළඹ යුද්ධ හමුදා රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
අණදෙන නිලධාරින්ගේ සහ රෙජිමේන්තු සැරයන් මේජර්වරුන්ගේ වෘත්තීය සංවර්ධන වැඩමුළුව යුද්ධ හමුදාධිපති තුමගේ ප්‍රධානත්වයෙන්
යුද්ධ හමුදාධිපති තුමන්ගේ මඟපෙන්වීම යටතේ, යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද "භාවාත්මක, මනෝවිද්‍යාත්මක සහ මූල්‍යමය බුද්ධිය තුළින් යුද හමුදා නායකත්වයේ විශිෂ්ටත්වය කරා" තේමාව යටතේ අණදෙන නිලධාරීන් සහ රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් වෙනුවෙන් වූ එක්දින වෘත්තීය සංවර්ධන වැඩමුළුවක් 2026 මැයි මස 20 දින කොළඹ, ග්‍රෑන්ඩ් මේට්ලන්ඩ් හිදී පැවැත්විණි. අභියෝගාත්මක තත්ත්වයන් යටතේ වුවද ඵලදායී තීරණ ගැනීම, පිරිස් කළමනාකරණය සහ දරාගැනීමේ හැකියාව වර්ධනය කිරීම සඳහා අණදෙන නිලධාරීන් සහ රෙජිමේන්තු සැරයන් මේජර්වරුන්ගේ භාවාත්මක බුද්ධිය, මනෝවිද්‍යාත්මක අවබෝධය සහ මූල්‍ය සාක්ෂරතාවය නංවාලීම මගින් ඔවුන්ගේ නායකත්ව කුසලතා තවදුරටත් ශක්තිමත්මෙම වැඩසටහනේ අරමුණ විය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙතින් රිටි පැනීමේ නව ජාතික වාර්තාවක්
2026 ආසියානු ක්‍රීඩා උළෙල සහ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා පැවති තේරීම් තරඟයන්හිදී රිටි පැනීමේ ඉසව්වෙන් නව ජාතික වාර්තාවක් පිහිටුවීමට 2 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ ලාන්ස් කෝප්‍රල් ඒ. පුවිතරන් සමත් විය.
යුද්ධ හමුදාධිපතිතුමන් මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරී වෙත සුභ පැතුම් පිරිනමයි
මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ මේජර් ජෙනරල් එම්.එම්.ටී. බණ්ඩාර USP AUSWC psc යන ජ්‍යෙෂ්ඨ නිලධාරී වෙත යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ndu psc IG විසින් 2026 මැයි මස 18 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී මේජර් ජෙනරල් නිලයට හිමි අධිකාරියේ සංකේතය පිරිනමා සිය සුබ පැතුම් එක්කරන ලදී.
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයෙන් මූල්‍ය ආධාර වැඩසටහනක්
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් 2026 මැයි මස 15 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදා සාමාජිකයන් සහ සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයන් සඳහා පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදී.
යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන යක්කල රණවිරු ඇපරල් ආයතනයේ නිල සංචාරයක
Major General K.V.N.P. Premaratne RSP USP nps psc, Deputy Chief of Staff (DCOS) of the Sri Lanka Army, Colonel Commandant of the Sri Lanka Artillery and Chairman, Board of Management (BOM) of Ranaviru Apparel, made his first official visit to Ranaviru Apparel (RVAPL), Yakkala, on 13 May 2026.
යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන යුද්ධ හමුදා යුධෝපකරණ කර්මාන්තශාලාවේ නිල සංචාරයක
ශ්‍රී ලංකා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන සහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න RSP USP nps psc, 2026 මැයි මස 13 දින යුද්ධ හමුදා යුධෝපකරණ කර්මාන්තශාලාවේ නිල සංචාරයක නිරත විය.
විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට
වසර 35 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් කේ.ඩී.එම්.එල්. සමරදිවාකර RWP RSP ndc psc ජ්‍යෙෂ්ඨ නිලධාරි, 2026 මැයි මස 07 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ndu psc IG හමුවිය.
විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට
වසර 34 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් ඒ.එම්.ඒ. අබේවර්ධන WWV RWP RSP ndc, 2026 මැයි මස 04 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ndu psc IG හමුවිය.