නවතම තොරතුරු

උණුසුම් පුවත්

යුද්ධ හමුදාධිපතිතුමන් ‘මිහිඳු සෙත් මැදුර’ සුවතා නිකේතනයේ සංචාරයක

2025-01-08
යුද්ධ හමුදාධිපතිතුමන් ‘මිහිඳු සෙත් මැදුර’ සුවතා නිකේතනයේ සංචාරයක

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 25 වන යුද්ධ හමුදාධිපති වශයෙන් පසුගිය දා ධූරයේ රාජකාරි කටයුතු භාරගත් ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රිනි රොද්‍රිගෝ මහත්මිය සමඟින් 2025 ජනවාරි මස 07 දින අත්තිඩිය ප්‍රදේශයේ පිහිටි මිහිඳු සෙත් මැදුර සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ සුවදුක් විමසා බැලීමේ අරමුණින් එම සුවතා නිකේතනයේ සංචාරයක නිරත විය.

තව කියවන්න

592 පාබල බලසේනාවේ 17 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සමරයි

2025-01-08
592 පාබල බලසේනාවේ 17 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සමරයි

592 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ.එල්.අයි. කරුණානායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ මඟපෙන්වීම මත එම බලසේනාවේ අභිමානවත් 17 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් 2024 දෙසැම්බර් මස 29 දින සැමරුම් උත්සවයක් පැවැත්විණි.

තව කියවන්න

විශ්‍රාම දිවියට එළඹෙන ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධිපති වෙත එම රෙජිමේන්තුවේ ගෞරවාචාරය

2025-01-08
විශ්‍රාම දිවියට එළඹෙන ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධිපති වෙත එම රෙජිමේන්

විශ්‍රාම දිවියට එළඹෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රධාන සංඥා නිලධාරි සහ ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් අයි.එච්.එම්.ආර්.කේ. හේරත් යූඑස්පී එන්ඩීසී පීඑස්සී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2025 ජනවාරි මස 03 දින ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.

තව කියවන්න

නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන යුද්ධ හමුදා මූලස්ථානයේදී ධූරයේ රාජකාරි අරඹයි

2025-01-03
නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන යුද්ධ හමුදා මූලස්ථානයේදී ධූරයේ රාජකාරි අර

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ තෙවන ජ්‍යෙෂ්ඨතම තනතුර වන නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන ධූරය සඳහා ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියූ පීඑස්සී පත්කෙරිණි. යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති කෙටි උත්සවයකදී 45 වන නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන ලෙස 2025 ජනවාරි මස 02 දින එතුමන් ධූරයේ රාජකාරි භාරගන්නා ලදී.

තව කියවන්න

නව යුද්ධ හමුදාධිපතිතුමන් නිලධාරින් ආමන්ත්‍රණය කරයි

2025-01-03
නව යුද්ධ හමුදාධිපතිතුමන් නිලධාරින් ආමන්ත්‍රණය කරයි

පසුගිය දා ධූරයේ රාජකාරි කටයුතු භාරගත් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී පසුගිය බ්‍රහස්පතින්දා (02) දින පස්වරුවේ යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් 150 ක් ආමන්ත්‍රණය කරනු ලැබීය.

තව කියවන්න

යුද්ධ හමුදාධිපතිතුමන් ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් සේනාවිධායක ධූරයෙන් නික්ම යයි

2025-01-03
යුද්ධ හමුදාධිපතිතුමන් ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් සේනාවිධායක

යුද්ධ හමුදාධිපති සහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් සේනාවිධායක ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී 2025 ජනවාරි මස 2 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී වෙත ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් සේනාවිධායක ධූරයේ රාජකාරි කටයුතු නිල වශයෙන් භාරදෙනු ලැබීය.

තව කියවන්න

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 25 වන යුද්ධ හමුදාධිපතිවරයා ලෙස ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී ධූරයේ රාජකාරි අරඹයි

2025-01-01
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 25 වන යුද්ධ හමුදාධිපතිවරයා ලෙස ලුතිනන් ජෙනරල්

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී අඟහරුවාදා (31) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති හමුදා සම්ප්‍රදායානූකූල උත්සවයකදී 25 වන යුද්ධ හමුදාධිපති ලෙස නව ධූරයේ රාජකාරි භාරගන්නා ලදී.

තව කියවන්න