නවතම තොරතුරු

උණුසුම් පුවත්

ජපානයේ පැවැති දෘෂ්‍යාබාධිත මැරතන් තරගයෙන් විශිෂ්ට දක්ෂතා දැක්වූ යුද්ධ හමුදා සෙබළා යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ඇගයීමට

2026-04-23
ජපානයේ පැවැති දෘෂ්‍යාබාධිත මැරතන් තරගයෙන් විශිෂ්ට දක්ෂතා දැක්වූ යුද්ධ

2026 අප්‍රේල් මස 19 දින ජපානයේ කසුමිගවුරා හි පැවැති දෘෂ්‍යාබාධිත මැරතන් තරගයෙන් 12 වන ස්ථානය දිනාගත් ගජබා රෙජිමේන්තුවේ පාබල සෙබළ ආර්.ඩබ්ලිව්.වී. පියතිස්ස 2026 අප්‍රේල් මස 23 දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ගේ ඇගයීමට ලක්විය.

තව කියවන්න

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ 138 වන සංවත්සරය වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් දිවිපිදූ රණවිරුවන් වෙත උපහාර දක්වයි

2026-04-21
ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ 138 වන සංවත්සරය වෙනුවෙන් යුද්ධ හමුදාධිපත

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ 138 වන සංවත්සරය වෙනුවෙන් රට වෙනුවෙන් දිවිපිදූ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ රණවිරුවන් වෙත උපහාර දැක්වීමේ උත්සවයක් 2026 අප්‍රේල් මස 20 වන දින එම රෙජිමේන්තු මූලස්ථානයේදී පැවැත්විණි.

තව කියවන්න

දොරෙයිඅප්පා ක්‍රීඩාංගනයේ පැවති අලුත් අවුරුදු උත්සවයට යුද්ධ හමුදාධිපතිතුමන් සහභාගී වෙයි

2026-04-19
දොරෙයිඅප්පා ක්‍රීඩාංගනයේ පැවති අලුත් අවුරුදු උත්සවයට යුද්ධ හමුදාධිපතිත

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය මඟපෙන්වීම යටතේ 51 වන පාබල සේනාංකය විසින් 2026 අප්‍රේල් මස 18 දින දොරෙයිඅප්පා ක්‍රීඩාංගනයේදී සංවිධානය කරන ලද අලුත් අවුරුදු උත්සවය සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගී විය.

තව කියවන්න

ජර්මානු ගුවන් හමුදා නියෝජිත ප්‍රධානී යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

2026-04-16
ජර්මානු ගුවන් හමුදා නියෝජිත ප්‍රධානී යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

ජර්මානු ගුවන් හමුදාවේ ලුතිනන් කර්නල් ෆ්‍රෑන්ක් වර්ත්ස් සහ කපිතන් නිල්ස් නොර්විග් යන නිලධාරීන් 2026 අප්‍රේල් මස 16 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.

තව කියවන්න

යුද්ධ හමුදා මූලස්ථානය නව වසර සමරයි

2026-04-16
යුද්ධ හමුදා මූලස්ථානය නව වසර සමරයි

සිංහල සහ දමිළ අලුත් අවුරුදු සැමරුම වෙනුවෙන් යුද්ධ හමුදා මූලස්ථානයේ පවත්වනු ලබන සම්ප්‍රදායික තේ පැන් සංග්‍රහය සහ සුහද හමුව 2026 අප්‍රේල් මස 16 දින පවත්වනු ලැබීය. එම අවස්ථාවට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගී විය.

තව කියවන්න

යුද්ධ හමුදාධිපතිතුමන් මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත සුභ පැතුම් පිරිනමයි

2026-04-15
යුද්ධ හමුදාධිපතිතුමන් මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාර

මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ මේජර් ජෙනරල් ඩබ්ලිව්. එස් ගමගේ RSP USP ndc psc සහ මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.පී.ඩබ්ලිව්.එන්.ඩී.බී වීරකොන් RSP USP ndc යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG විසින් යුද්ධ හමුදා මූලස්ථානයේදී 2026 අප්‍රේල් මස 15 දින මේජර් ජෙනරල් නිලයට හිමි අධිකාරියේ සංකේතයන් පිරිනමා සිය සුබ පැතුම් එක්කරන ලදී.

තව කියවන්න

විශ්‍රාමික යුද්ධ හමුදා සාමාජිකයින් සඳහා යුද්ධ හමුදා E-Portal දියත් කිරීම යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්

2026-04-11
විශ්‍රාමික යුද්ධ හමුදා සාමාජිකයින් සඳහා යුද්ධ හමුදා E-Portal දියත් කිර

විශ්‍රාමික යුද්ධ හමුදා සාමාජිකයන් සඳහා වන සේවාවන් ද ඇතුළත් කරමින් පුළුල් කරන ලද යුද්ධ හමුදා E-Portal ජනගත කිරීමේ උත්සවය, 2026 අප්‍රේල් මස 10 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රුද්‍රිගු RSP ctf-ndu psc IG ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

තව කියවන්න

‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් යුද්ධ හමුදා සාමාජිකයන්හට වවුචර්පත් ප්‍රදානය කිරීමේ වැඩසටහන යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්

2026-04-10
‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් යුද්ධ හමුදා සාමාජිකයන්හට වවුචර්පත්

‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් යුද්ධ හමුදා සාමාජිකයන්හට සහන සැලසීමේ අරමුණින් 2026 අප්‍රේල් මස 10 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවැති වවුචර්පත් ප්‍රදානය කිරීමේ උත්සවය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම වැඩසටහන යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව යුද්ධ හමුදා සුබසාධක අධ්‍යක්ෂ, බ්‍රිගේඩියර් ආර්.එම්.සී. රත්නායක RWP RSP USP ndc ගේ අධීක්ෂණය යටතේ සංවිධානය කරන ලදී.

තව කියවන්න

යුද්ධ හමුදාධිපතිතුමන් අලුත් අවුරුදු සුභ පැතුම් එක්කරමින් අනුරාධපුර අභිමන්සල - 1 සුවතා නිකේතනයේ සංචාරයක

2026-04-08
යුද්ධ හමුදාධිපතිතුමන් අලුත් අවුරුදු සුභ පැතුම් එක්කරමින් අනුරාධපුර අභි

එළඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබපැතුම් එක් කිරීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG, 2026 අප්‍රේල් 08 වන දින අනුරාධපුර ‘අභිමන්සල-1’ සුවතා නිකේතනයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

තව කියවන්න

විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

2026-04-07
විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ

වසර 33 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් කේ.පී.පී. කරුණානායක ජ්‍යෙෂ්ඨ නිලධාරි, 2026 අප්‍රේල් මස 07 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.

තව කියවන්න