දොරෙයිඅප්පා ක්‍රීඩාංගනයේ පැවති අලුත් අවුරුදු උත්සවයට යුද්ධ හමුදාධිපතිතුමන් සහභාගී වෙයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය මඟපෙන්වීම යටතේ 51 වන පාබල සේනාංකය විසින් 2026 අප්‍රේල් මස 18 දින දොරෙයිඅප්පා ක්‍රීඩාංගනයේදී සංවිධානය කරන ලද අලුත් අවුරුදු උත්සවය සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගී විය.

උත්සව අවස්ථාවට පැමිණි, යුද්ධ හමුදාධිපතිතුමන්ව ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් කේ.ජේ.එන්.එම්.පී.කේ. නවරත්න RWP RSP ndu, ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ ශ්‍රී ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් පිළිගන්නා ලදී.

මෙම අවුරුදු උත්සවය සඳහා සිංහල සහ දමිළ සංස්කෘතීන් සංකේතවත් කරමින් සාම්ප්‍රදායික ක්‍රීඩා ගණනාවක් ඇතුළත් වූ අතර, සාම්ප්‍රදායික නර්තන සහ සංස්කෘතික අංග ද ඉදිරිපත් කරන ලදී.

එමෙන්ම, ‘ගැමි ගෙදර‘ හි පැවති චාරිත්‍රානුකූල තේ පැන් සංග්‍රහයටද යුද්ධ හමුදාධිපතිතුමන් සහභාගී විය.

කාන්තා සහ පිරිමි කඹ ඇදීමේ තරඟයන්ගෙන් සහ අවුරුදු කුමරිය තේරීමේ තරඟයෙන් මෙම උත්සවය අවසන් විය. අනතුරුව, තරඟ ජයග්‍රාහකයින් වෙත යුද්ධ හමුදාධිපතිතුමන් විසින් සම්මාන සහ ත්‍යාග ප්‍රදානය කරන ලදී.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම්වරුන්, පොලිස් නිලධාරීන්, සෙසුනිලයන් සහ සිවිල් වැසියන් රැසක් සහභාගී වූහ.