10th April 2026
‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් යුද්ධ හමුදා සාමාජිකයන්හට සහන සැලසීමේ අරමුණින් 2026 අප්‍රේල් මස 10 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවැති වවුචර්පත් ප්‍රදානය කිරීමේ උත්සවය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම වැඩසටහන යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව යුද්ධ හමුදා සුබසාධක අධ්‍යක්ෂ, බ්‍රිගේඩියර් ආර්.එම්.සී. රත්නායක RWP RSP USP ndc ගේ අධීක්ෂණය යටතේ සංවිධානය කරන ලදී.
රුපියල් මිලියන 26කට අධික වටිනාකමකින් යුත් මෙම සහනාධාර ලබා ගැනීම සඳහා යුද්ධ හමුදා සාමාජිකයන් 1,933 දෙනෙකු තෝරාගෙන තිබුණි. යුද්ධ හමුදා සුබසාධක අධ්‍යක්ෂ මණ්ඩලයේ සම්බන්ධීකරණයෙන්, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, CIB ආයතනය සහ ලංකා සතොස සමාගම ලබා දුන් නොමසුරු දායකත්වය ඇතිව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.
මෙම උත්සවය අතරතුරදී, තෝරාගත් ප්‍රතිලාභීන් 50 දෙනෙකු සඳහා රුපියල් 15,000 බැගින් වූ වවුචර්පත් සංකේතාත්මකව බෙදා දීම යුද්ධ හමුදාධිපතිතුමන් විසින් සිදු කරන ලදී. මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් RWP RSP ndu psc, යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න RSP USP nps psc සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් යූ.කේ.ඩී.ඩී.පී. උඩුගම RWP RSP USP ndc psc යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් ද එක්ව සිටියහ.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසු නිලයන් සහ ප්‍රතිලාභීන් පිරිසක් ද සහභාගී වූහ.