8th April 2026
එළඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබපැතුම් එක් කිරීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG, 2026 අප්‍රේල් 08 වන දින අනුරාධපුර ‘අභිමන්සල-1’ සුවතා නිකේතනයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
සුවතා නිකේතනය වෙත පැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ප්‍රධාන දොරටුවේදී යුද්ධ හමුදාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරය පසුකර යාමේ ගෞරවාචාරය පිරිනමන ලදී. මෙහිදී එතුමන් එම මධ්‍යස්ථානයේ පහසුකම් නිරීක්ෂණය කළ අතර, එහි නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන් හමු වී ඔවුන්ගේ සුවදුක් විමසා බැලීමට ද කටයුතු කළේය.
මෙම අවස්ථාවට යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් එච්.එච්.කේ.එස්.එස්. හේවගේ RWP RSP USP rcds psc, රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ආර්.ජී.එල්.කේ. වීරකෝන් RWP RSP, අභිමංසල - 1 හි සේනාවිධායක බ්‍රිගේඩියර් යූ.ආර්.අයි.බී. රණතුංග RSP USP, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයන් සහ නේවාසික රණවිරුවන් සහභාගී වූහ.