උණුසුම් පුවත්
යුද්ධ හමුදාධිපතිතුමන් මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරී වෙත සුභ පැතුම් පිරිනමයි
මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ මේජර් ජෙනරල් එම්.කේ.ඩී.පී. මාපලගම psc යන ජ්‍යෙෂ්ඨ නිලධාරී වෙත යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ndu psc IG විසින් 2026 මැයි මස 29 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී මේජර් ජෙනරල් නිලයට හිමි අධිකාරියේ සංකේතය පිරිනමා සිය සුබ පැතුම් එක්කරන ලදී.
යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ පැවති අධ්‍යාපන උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් සහභාගී වෙයි
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ndu psc IG ගේ සංකල්පයකට අනුව යුද්ධ හමුදා සාමාජිකයන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සුභසාධනය සහ යහපැවැත්ම නඟා සිටුවීමේ අරමුණින්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාව විසින් 2026 මැයි මස 28 වන දින කොළඹ ග්‍රෑන්ඩ් මේට්ලන්ඩ් හිදී අධ්‍යාපන උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පවත්වන ලද අතර, මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපතිතුමන් සහභාගී විය.
ධූරයෙන් නික්මයන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන වෙත හමුදා උත්තමාචාරය පිරිනමයි
ධූරයෙන් නික්ම යනු ලබන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් බී. එම්. යහම්පත් RWP RSP ndu psc, වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාරය දැක්වීමේ උත්සවයක් 2026 මැයි මස 27 දින පවත්වනු ලැබීය.
විශ්‍රාම දිවියට පා තබන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට
වසර 36 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් බී.එම් යහම්පත් RWP RSP ndu psc 2026 මැයි මස 27 වන දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ndu psc IG හමු විය.
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ දීප ව්‍යාප්තව වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ වැඩසටහනක්
‘ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ වෙරළ තීරය ආරක්‍ෂා කිරීමට, සමුද්‍ර ජීවීන් ආරක්‍ෂා කිරීමට සහ පිරිසිදු, හරිත අනාගතයක් නිර්මාණය කිරීමට’ යන තේමාව යටතේ දීප ව්‍යප්තව හඳුනාගත් වෙරළ තීරයන් 253 ක් පිරිසිදු කිරීමේ වැඩසටහන යටතේ ආරක්‍ෂක සේනා මූලස්ථානය – යාපනය විසින් යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්ක පුරා ඇති වෙරළ තීරයන් 30 ක් ආවරණය වන පරිදි වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන පවත්වන ලදී.
යුද්ධ හමුදාධිපතිතුමන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි හි නිල සංචාරයක
යුද්ධ හමුදාධිපති, ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ndu psc IG, 2026 මැයි මස 24 දින ආරක්‍ෂක සේනා මූලස්ථානය – වන්නි හි සංචාරයක නිරත විය. එහිදී ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් කේ.එම්.පී.එස්. කුලතුංග RSP ndc psc විසින් යුද්ධ හමුදාධිපතිතුමන්ව උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. අනතුරුව, එම මූලස්ථානයේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරය පසුකරගෙන යාමේ ගෞරවාචාරය පිරිනමන ලදී.
යුද්ධ හමුදාධිපති ‘අභිමන්සල 3’ හි රණවිරුවන්ගේ සුවදුක් විමසයි
ජාතික රණවිරු දිනයට සමගාමීව, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ndu psc IG 2026 මැයි මස 22 දින පාන්ගොල්ල ‘අභිමන්සල 3’ සුවතා නිකේතනයේ සංචාරයක නිරත විය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ‘හුස්මෙන් හුස්මක් - විරු තුරු සෙවණ’ පැළ රෝපණය කිරීමේ වැඩසටහන දියත් කරයි
හුස්මෙන් හුස්මක් - විරු තුරු සෙවණ’ දීපව්‍යාප්ත රුක් රෝපණ ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය 2026 මැයි මස 22 දින කුරුණෑගල, ගනේවත්ත ඖෂධීය ශාක උද්‍යානයේදී පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් යුද්ධ හමුදාධිපති, ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ndu psc IG සහභාගී විය. දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩසටහනේ සංකේතාත්මක ආරම්භය සනිටුහන් කරමින්, උත්සවය අතරතුරදී පැළ 300ක් රෝපණය කරන ලදී.
යුද්ධ හමුදාධිපතිතුමන් විජයබාහු පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පිහිටි වෛද්‍ය සායන මධ්‍යස්ථානය විවෘත කරයි
ජාතික රණවිරු දිනයට සමගාමීව, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ndu psc IG විසින් 2026 මැයි මස 22 දින බොයගනේ පිහිටි විජයබාහු පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ අලුතින් ඉදිකරන ලද වෛද්‍ය සායන මධ්‍යස්ථානය නිල වශයෙන් විවෘත කරන ලදී.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ එක්සත් ජනපද පැසිෆික් කලාපීය යුද්ධ විධානය ද්විපාර්ශ්වික ආරක්ෂක සාකච්ඡා පවත්වයි
ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ සාකච්ඡා සඳහා, නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී ජේන් හවෙල් මහත්මිය සහ එක්සත් ජනපද පැසිෆික් යුද හමුදා විධානයේ උපාය මාර්ග සහ සැලසුම් පිළිබඳ නියෝජ්‍ය අණදෙන ජෙනරාල්, මේජර් ජෙනරල් ගයිල්ස් ජේ.එස්. කොර්නේලියා ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් යුත් ඇමරිකානු එක්සත් ජනපද පැසිෆික් යුද හමුදා විධානයේ දූත පිරිසක් 2026 මැයි මස 21 දින යුද්ධ හමුදා මූලස්ථානය වෙත පැමිණියහ. එහිදී එම නියෝජිත පිරිස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ndu psc IG හමුවී සුහද සාකච්ඡාවක නිරත විය. එක්සත් ජනපද පැසිෆික් යුද හමුදා විධානය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අතර මෙවැනි සාකච්ඡාවක් ඉතිහාසයේ පළමු වරට පැවැත්විණි.