ජර්මානු ගුවන් හමුදා නියෝජිත ප්‍රධානී යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

ජර්මානු ගුවන් හමුදාවේ ලුතිනන් කර්නල් ෆ්‍රෑන්ක් වර්ත්ස් සහ කපිතන් නිල්ස් නොර්විග් යන නිලධාරීන් 2026 අප්‍රේල් මස 16 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.

සාමාජිකයින් 13 දෙනෙකුගෙන් සමන්විත මෙම නියෝජිත පිරිස, 2026 අප්‍රේල් මස 20 දින සිට 2026 මැයි මස 14 දින දක්වා කුකුලේගඟ සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේදී සහ මාදුරු ඔය යුද්ධ හමුදා පුහුණු පාසලේදී ත්‍රිවිධ හමුදා සාමාජිකයන් වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් ඉලක්කකර ගත් විශේෂ පුහුණු පාඨමාලාවක් පවත්වනු ලබයි. එහිදී, ප්‍රධාන වශයෙන් සතුරු භූමියක සිදුකරන මුර සංචාර, රථ පෙළ මෙහෙයුම් සහ වැඩිදියුණු කළ පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ දැනුවත් කිරීම් කෙරෙහි අවධානය යොමු කරනු ලැබේ.