ජපානයේ පැවැති දෘෂ්‍යාබාධිත මැරතන් තරගයෙන් විශිෂ්ට දක්ෂතා දැක්වූ යුද්ධ හමුදා සෙබළා යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ඇගයීමට

2026 අප්‍රේල් මස 19 දින ජපානයේ කසුමිගවුරා හි පැවැති දෘෂ්‍යාබාධිත මැරතන් තරගයෙන් 12 වන ස්ථානය දිනාගත් ගජබා රෙජිමේන්තුවේ පාබල සෙබළ ආර්.ඩබ්ලිව්.වී. පියතිස්ස 2026 අප්‍රේල් මස 23 දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ගේ ඇගයීමට ලක්විය.

ඔහුට මෙම තරගය නිමා කිරීමට පැය 5ක්, මිනිත්තු 37ක් සහ තත්පර 37ක කාලයක් ගතවිය.

ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ ක්‍රියාන්විත රාජකාරිවල නිරතව සිටියදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් තුවාල ලැබීම හේතුවෙන් දෑස් අහිමි වී ඔහු දැනට "අභිමංසල 2" සුවතා නිකේතනයේ නේවාසිකව වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටියි.