16th April 2026
සිංහල සහ දමිළ අලුත් අවුරුදු සැමරුම වෙනුවෙන් යුද්ධ හමුදා මූලස්ථානයේ පවත්වනු ලබන සම්ප්‍රදායික තේ පැන් සංග්‍රහය සහ සුහද හමුව 2026 අප්‍රේල් මස 16 දින පවත්වනු ලැබීය. එම අවස්ථාවට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගී විය.
උත්සව අවස්ථාවට යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් RWP RSP ndu psc, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න RSP USP nps psc, ප්‍රධාන මාණ්ඩලික නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ, ශ්‍රී ලංකා නාවික හමුදාවේ, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහ ශ්‍රී ලංකා පොලිසියේ සාමාජිකයින්, සෙසුනිලයන් සහ සිවිල් කාර්ය මණ්ඩලය සහභාගී වූහ.