විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

වසර 33 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන 55 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.ඒ.බී විජේකෝන් USP ndc, 2025 දෙසැම්බර් මස 29 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමු විය.

විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරි පිළිබඳ කෙටි විස්තරයක් පහතින් දැක්වේ:

1992 පෙබරවාරි මස 10 දින කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 37 යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත බැඳුනු මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.ඒ.බී විජේකෝන් USP ndc, පකිස්ථානු යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් යුද්ධ හමුදා පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් පසු දෙවන ලුතිනන් නිලයට අධිකාරියට පත්ව වර්ෂ 1992 දෙසැම්බර් මස 19 දින ගජබා රෙජිමේන්තුව වෙත අනුයුක්ත කෙරිණි.

යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලද මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 මැයි මස 05 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය. 2026 ජනවාරි මස 03 දිනට වයස අවුරුදු 55 සම්පූර්ණ වීමත් සමඟ යුද්ධ හමුදා නිත්‍ය බලකායෙන් විශ්‍රාම ලබන එම ජ්‍යෙෂ්ඨ නිලධාරි විශ්‍රාම ලබන විට 55 වන සේනාංකයේ සේනාංකාධිපති තනතුර හෙබවීය.

විශ්‍රාම දිවියට පා තබන එම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිය කීර්තිමත් හමුදා දිවිය තුළදී 8 වන බලඇණිය ගජබා රෙජිමේන්තුවේ ඛණ්ඩභාර නිලධාරි, 4 වන බලඇණිය ගජබා රෙජිමේන්තුවේ ඛණ්ඩභාර නිලධාරි, 16 වන බලඇණිය ගජබා රෙජිමේන්තුවේ ඛණ්ඩභාර නිලධාරි, 16 වන බලඇණිය ගජබා රෙජිමේන්තුවේ විධායක අධිකාරි, 16 වන බලඇණිය ගජබා රෙජිමේන්තුවේ නිලධාරි අණදෙන, 10 වන බලඇණිය ගජබා රෙජිමේන්තුවේ නිලධාරි අණදෙන, කොමිෂන් නොලත් නිලධාරි පුහුණු පාසලේ උපදේශක, 213 පාබල බලසේනාවේ ආරක්‍ෂක කණ්ඩායම් භාර නිලධාරි අණදෙන, 9 වන බලඇණිය ගජබා රෙජිමේන්තුවේ නිලධාරි අණදෙන, 11 වන පාබල සේනාංකයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි III (බුද්ධි සහ ආරක්‍ෂක), හයිටි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරි, 516 පාබල බලසේනාවේ බලසේනා මේජර්, 552 පාබල බලසේනාවේ බලසේනා මේජර්, ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි II (ක්‍රියාන්විත සහ පුහුණු), 21 පාබල සේනාංකයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි II (ක්‍රියාන්විත), ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරි II (ක්‍රියාන්විත), 16 වන බලඇණිය ගජබා රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරි, 22 වන බලඇණිය ගජබා රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරි, 59 පාබල සේනාංකයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි I (සම්බන්ධීකරණ), 23 වන බලඇණිය ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි වැනි ධූරයන් රැසක් හොබවන ලදී.

එසේම මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් කලාප අංක 02 හි කලාප අණදෙන දෙන නිලධාරි සහ මෙහෙයුම් ආඥාපති කොළඹ, යුද්ධ හමුදා කාන්තා බළකායේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි I (ක්‍රියාන්විත සහ පුහුණු), අභිමංසල - 2 සේනාවිධායක, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මාණ්ඩලික නිලධාරි I සහ කර්නල් (පාලන), 15 වන පාබල බලසේනාවේ බලසේනාධිපති, ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක, යුද්ධ හමුදා මූලස්ථාන සුභසාධන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ, 14 පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති, 55 පාබල සේනාංකයේ සේනාංකාධිපති වැනි ධූරයන් ද හොබවන ලදී.

එසේම, යුද්ධ හමුදා සේවා කාලය තුළදී දැක්වූ කැපවීම සහ ආදර්ශමත් සේවය අගයමින් එම ජ්‍යෙෂ්ඨ නිලධාරි උත්තම සේවා පදක්කමෙන් ද පිදුම් ලැබීය.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිය යුද්ධ හමුදා සේවා කාලය තුළදී බලඇණි ආධාරක අවි නිලධාරි පාඨමාලාව, කාලතුවක්කු නිරීක්‍ෂණ පාඨමාලාව, ඒකක ගිණුම් නිලධාරින්ගේ පාඨමාලාව, ඒකක පරිපාලන පාඨමාලාව, කනිෂ්ඨ මාණ්ඩලික නිලධාරි පාඨමාලාව, නිරීක්‍ෂණ සහ මාණ්ඩලික නිලධාරින්ගේ පාඨමාලාව, ආරක්‍ෂක මාධ්‍ය සහ සන්නිවේදනය පිලිබඳ කෙටි කාලීන පාඨමාලාව (කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අධ්‍යයන දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලැබූ), ජාතික ආරක්‍ෂාව සහ උපායමාර්ගික අධ්‍යයන පාඨමාලාව වැනි දේශීය පාඨමාලාවන් රැසක් ද හදාරන ලදී.

එමෙන්ම, මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් කෙඩෙට් නිලධාරි පුහුණු පාඨමාලාව - පාකිස්ථානය, තරුණ නිලධාරි (පාබල) පාඨමාලාව - බංග්ලාදේශය, කනිෂ්ඨ අණදෙන නිලධාරින්ගේ පාඨමාලාව - ඉන්දියාව, මූලික පැරෂුට් පාඨමාලාව - ඉන්දියාව, උසස් ආරක්‍ෂක පාඨමාලාව - ඉන්දියාව වැනි විදේශීය පාඨමාලාවන් රැසක් ද හදාරන ලදී.

විශ්‍රාම දිවියට පා තබන එම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් කොළඹ විශ්වවිද්‍යාලයේ මානව සම්පත් ප්‍රවර්ධන ආයතනයෙන් කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමා උපාධියක්, රුහුණ විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් සහ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයෙන් ජාතික ආරක්‍ෂාව සහ උපායමාර්ගික අධ්‍යයනය විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ආදී සුදුසුකම්ද ලබාගෙන ඇත.