සිවිල් ක්‍රියාකාරකම්

Clear

55 පාබල සේනාංකයෙන් නෙල්ලිඅඩි ප්‍රදේශයේ පවුලකට තවත් නිවසක්

2023-07-08

යාපනය අර්ධද්වීපයේ සිවිල් වැසියන්ගේ ආරක්‍ෂාව සහ යහපැවැත්ම වෙනුවෙන් කැපවී සිටින ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය විසින් ක්‍රියාත්මක කරනු ලබන විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන සිවිල් වැසියන් සඳහා නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘති යටතේ පූජ්‍ය එම්.එස්. චින්නයියා සහ තබිතා චින්නයියා පියතුමා ඔවුන්ගේ පියා වන ජෝයි අරුල්රාජා මහතා සිහිපත් කිරීම සඳහා ‘වන්නි ඒඩ්ස්’ සංවිධානය සහ කැනඩාවේ පදිංචි මේජර් ජෙනරල් ආර්. රත්නසිංහම් (විශ්‍රාමික) ගේ සම්බන්ධීකරණයෙන් නෙල්ලිඅඩි ප්‍රදේශයේ තවත් නව නිවසක් ඉදිකිරීම සඳහා අනුග්‍රහකත්වය ලබාදෙන ලදී.


ලෝක පරිසර දිනයට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සාමාජිකයන් වැල්ලවත්ත වෙරළ තීරය පිරිසිදු කරයි

2023-06-10

ජුනි මස 05 දිනට යෙදෙන ලෝක පරිසර දිනයට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නිලධාරීන් 02 දෙනෙකු සහ සෙසුනිලයන් 47 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් විසින් වැල්ලවත්ත වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.


53 සේනාංකයෙන් ප්‍රජා සත්කාරක වැඩසටහනක්

2023-06-09

1 බලකාය යටතේ ඉනාමළුව ප්‍රදේශයේ ස්ථාපිත 53 පාබල සේනාංක බලප්‍රදේශයේ ඉදිකරන ලද වායු රයිෆල් වෙඩිපිටිය සහ ප්‍රදේශවාසීන්ගේ අභිවෘද්ධිය සඳහා ඉදිකළ ළමා උද්‍යානය පසුගිය අඟහරුවාදා (මැයි මස 30) දින යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මැතිණියගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදී.


68 පාබල සේනාංකය පොසොන් දිනයට සමගාමීව දන්සලක් පවත්වයි

2023-06-08

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් 68 පාබල සේනාංකයේ භටපිරිස් පොසොන් පොහොය දිනය නිමිත්තෙන් (ජුනි 03 සහ 04) පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේදී ‘බත්‘ දන්සලක් සංවිධානය කරන ලදි. එම දන්සල සඳහා ප්‍රදේශයේ සිවිල් වැසියන් දහස් ගණනක් සහභාගී වූහ.


රණවිරු අනුස්මරණ දිනයට සමගාමීව සඳහිරු සෑ පුදබිමේදී පුණ්‍ය වැඩසටහන් මාලාවක්

2023-05-23

බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී පැවති ජාතික රණවිරු දින සැමරුම හෙවත් විජයග්‍රහණයේ දින සැමරුමේ 14 වන සංවත්සරයට සමගාමීව සෙනසුරාදා (20) සහ ඉරිදා (21) දින අනුරාධපුර සඳහිරු සෑ පුදබිමේදී සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනයක්, ජය පිරිත් සජ්ඣායනාවක්, බුද්ධ පූජාව සහ ගිලන්පස පූජා කිරීම, වර්ණවත් පෙරහැරක් සහ අටමස්ථානයන්හි භික්‍ෂූන් වහන්සේලා 100 නමක් වෙත හීල් දානය පූජා කිරීම ආදී පුණ්‍ය වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කෙරිණි.


යුද්ධ හමුදාව භාවිතා කළ ඉඩම් සිවිල් වැසියන් වෙත පවරාදෙයි

2023-05-22

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත මුලතිව් දිස්ත්‍රික්කයේ ක්‍රියාන්විත සහ ආරක්‍ෂක කටයුතු වෙනුවෙන් මේ දක්වා යුද්ධ හමුදාව භාවිතා කළ සිවිල් වැසියන්ගේ ඉඩම් නිදහස් කිරීමේ ප්‍රතිපත්තියට සමගාමීව ආරක්‍ෂක සේනා මුලස්ථානය - මුලතිව් මූලිකත්වයෙන් පසුගිය බ්‍රහස්පතින්දා (18) දින අක්කර 70.05 ක පමණ භූමි ප්‍රමාණයකින් යුත් ඉඩම් කට්ටි අටක් නිදහස් කරනු ලැබීය. ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් යූ.ඩී විජේසේකර ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී ගේ මඟපෙන්වීම මත 68 පාබල සේනාංක මූලස්ථානයේ පැවති කෙටි උත්සවයකදී එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී විසින් එම ඉඩම් හා සබැඳි ලිපිලේඛන සිවිල් බලධාරින් වෙත භාරදෙනු ලැබීය. එම අවස්ථාව සඳහා ප්‍රාදේශීය ලේකම් සහ අදාළ රාජ්‍ය නිලධාරීන් ද සහභාගී වූහ.


2 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ භටපිරිස් අවුකන බුද්ධ ප්‍රතිමාව අභියස චෛත්‍යයක් ඉදිකරයි

2023-05-20

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඒ.එල් ඉලංගකෝන් ගේ මඟපෙන්වීම මත 2 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ භටපිරිස් මින්නේරිය, ගිරිතලේ වැව් බැම්ම පසුකරමින් ගමන්ගන්නා බැතිමතුන්ගේ වන්දනාමාන කටයුතු වෙනුවෙන් අවුකන බුද්ධ ප්‍රතිමාව හිටි පිළිමය අභියස ඝඨාකාර චෛත්‍යයක් ඉදිකර පසුගිය ඉරිදා (14) දින බැතිමතුන්ගේ වන්දනා කටයුතු වෙනුවෙන් නිරාවරණය කරනු ලැබීය.


562 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් ස්වයං රැකියා ඇරඹීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්

2023-05-20

යුද්ධ හමුදාව වෙතින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රජා මූලික ව්‍යාපෘති තවදුරටත් පුළුවල් කරමින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 56 පාබල සේනාංකයට අයත් 562 පාබල බලසේනාවේ සහ 15 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් එක්ව ස්වයං රැකියා අවස්ථා හඳුනාගැනීම පිළිබඳ වවුනියාව, මරවන්කුලම් ප්‍රදේශයේ සිවිල් වැසියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය ඉරිදා (14) දින මරවන්කුලම් රජයේ දමිළ විද්‍යාලයේදී පැවැත්විණි.


මාතර දිස්ත්‍රික්කයේ ගංවතුර උවදුරෙන් විපතට පත්වූවන්ට යුද්ධ හමුදාවේ සහයෝගය

2023-05-18

අධික වර්ෂාපතනය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ කොටපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පෝරුපිටිය ග්‍රාම නිලධාරී වසම තුළ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් අවතැන් වූ ජනතාව වෙත පිසූ ආහාර ලබාදීමේ සමාජ සත්කාරක වැඩසටහනක් ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපත 61 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ සහ 613 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය යටතේ 3 (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් පසුගිය ඉරිදා (14) දින ක්‍රියාත්මක කරනු ලැබීය.


521 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් වියළි ආහාර සලාක පරිත්‍යාගයක්

2023-05-15

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 පාබල සේනාංකයට අයත් 521 පාබල බලසේනාවේ භටපිරිස් අනුග්‍රාහක භවතුන්ගේ සහයෝගය ඇතිව යාපනය අර්ධද්වීපයේ අච්චුවේලි, වල්ලෙයි සහ ඌරික්කාඩු ප්‍රදේශවල ජීවත් වන ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුල් 50 ක් වෙනුවෙන් වියළි ආහාර සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් මැයි මස 12 දින ක්‍රියාත්මක කරනු ලැබීය.