සිවිල් ක්‍රියාකාරකම්

Clear

24 පාබල සේනාංකයේ මුලිකත්වයෙන් අම්පාර ප්‍රදේශයේ බාලිකා පාසල් දෙකක සිසුවියන් සඳහා නායකත්ව පුහුණු වැඩසටහනක්.

2023-12-28

අම්පාර බණ්ඩාරනායක බාලිකා විද්‍යාලය සහ දමන මහා විද්‍යාලයේ ගුරුභවතුන්ගේ ඉල්ලීමකට අනුව 24 පාබල සේනාංකයේ භට පිරිස් විසින් එම පාසල් හි සිසුවියන් 90 දෙනෙකු සඳහා නායකත්ව පුහුණු වැඩසටහනක් පසුගිය සඳුදා (දෙසැම්බර් මස 18) දින පවත්වන ලදී.


14 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් ඌරනි වෛද්‍ය සායන මධ්‍යස්ථානය පිරිසිදු කරයි

2023-12-26

24 වන පාබල සේනාංකය යටතේ ස්ථාපිත 242 පාබල බලසේනාවට අයත් 14 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් පොතුවිල් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන්ගේ ඉල්ලීමකට අනුව දෙසැම්බර් මස 21 දින ඌරනි වෛද්‍ය සායන මධ්‍යස්ථාන පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය. මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන සඳහා යුද්ධ හමුදා භටපිරිස් 15 දෙනෙක් සහභාගී වූහ.


541 පාබල බලසේනාව යෝජිත ‘පොල් ත්‍රිකෝණය‘ ව්‍යපෘතිය සඳහා දායකත්වය ලබා දෙයි

2023-12-16

වන්නි කලාපයේ දැනට ක්‍රියාත්මක වන පොල් පැල වගා කිරීමේ ව්‍යාපෘතිය යටතේ ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි, ලබාදුන් උපදෙස් මත 54 පාබල සේනාංකයේ 541 පාබල බලසේනාවේ භටපිරිස් විසින් පොල් පැල 800ක් මන්නාරම සහ අවට ප්‍රදේශවල තෝරාගත් පොල් වගාකරුවන් අතර බෙදාදීමේ වැඩසටහනක් පසුගිය සදුදා (දෙසැම්බර් මස 11) දින සිදුකරනු ලැබූහ.


ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි මූලිකත්වයෙන් පොල් පැළ බෙදාදීමේ වැඩසටහනක්

2023-12-02

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 56 පාබල සේනාංකයට අයත් 562 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 12 (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් උතුරු ප්‍රදේශයේ ක්‍රියාත්මක වන දෙවන පොල් ත්‍රිකෝණය වැඩසටහන සඳහා සහයෝගය දක්වමින් 2023 නොවැම්බර් මස 23 දින මරවන්කුලම් ප්‍රදේශයේ වෙසෙන සිවිල් වැසියන් සහ ගොවී ප්‍රජාව වෙත පොල් පැළ 975 ක් බෙදාදෙනු ලැබීය.


68 පාබල සේනාංකයේ භටපිරිස් ප්‍රදේශයේ අවශ්‍යතා සහිත සිවිල් වැසියන් සඳහා ඇස් කණ්ණාඩි ලබාදෙයි

2023-10-08

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 පාබල සේනාංකයේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ ජීවත්වන සිවිල් වැසියන් සඳහා දකුණු කොළඹ රෝහලේ වෛද්‍ය කාර්යය මණ්ඩලයේ සහය ඇතිව අක්ෂි සායනයක් පසුගියදා සංවිධානය කරන ලදී. එම සායනයේදී දෘශ්‍යාබාධිත සිවිල් වැසියන් 125 දෙනෙකු වෙත අදාල ප්‍රථිකාර කටයුතු සිදුකරනු ලැබීය.


ලෝක ළමා දිනය වෙනුවෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර වෙතින් වැඩසටහන් මාලාවක්

2023-10-08

ලෝක ළමා දිනයට සමගාමීව ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී ගේ උපදෙස් මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර, එම මූලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, බලසේනා සහ ඒකක වෙතින් ඔක්තෝබර් මස 01 සිට 04 දින දක්වා විශේෂ විනෝදාස්වාද වැඩසටහන් මාලාවක් පවත්වනු ලැබීය.


51 පාබල සේනාංකයේ 28 වන සංවත්සර දිනය වෙනුවෙන් ප්‍රජා මූලික වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ

2023-09-20

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 පාබල සේනාංකයේ 28 වන සංවත්සර දිනය වෙනුවෙන් 2023 සැප්තැම්බර් මස 12 දින ප්‍රජා මූලික වැඩසටහන් මාලාවක් පැවැත්විය.


512 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් පෙර පාසල් ළමුන්ට පාසල් උපකරණ පරිත්‍යාග කෙරේ

2023-07-25

යාපනය, ගුරුනගර් ප්‍රදේශයේ පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රාහකත්වය මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 පාබල සේනාංකයට අයත් 512 පාබල බලසේනා බලප්‍රෙද්ශයේ පිහිටි 17 ගැමුණු හේවා බලකායේ භටපිරිස් පසුගිය බ්‍රහස්පතින්දා (ජූලි මස 20) දින යාපනය, ගුරුනගර් බටහිර ප්‍රදේශයේ පිහිටි පෙර පාසලේ ඉගෙනුම ලබන ආර්ථික අපහසුතා මධ්‍යයේ අධ්‍යාපනය හදාරන පවුල්වල දරු දැරියන් වෙත පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.


කැළණිය රජමහා විහාරස්ථානයේ කිරි අම්මාවරුන් වෙනුවෙන් කිරි ආහාර පූජාවක්

2023-07-10

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 144 පාබල බලසේනාවට අයත් 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් පසුගිය සෙනසුරාදා (ජූලි මස 8) දින කැලණිය රජමහා විහාරස්ථානයේ කිරි අම්මාවරුන් 1000 කට අධික පිරිසක් වෙනුවෙන් කිරි ආහාර පූජාකරනු ලැබීය.


ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර භටපිරිස් වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරයි

2023-07-09

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 142 පාබල බලසේනාවට අයත් 7 ගැමුණු හේවා බලකායේ සේවයේ නියුතු නිලධාරියෙකු සහ සෙසුනිලයන් 20 දෙනෙකු, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකායේ සහ පරිසර ආරක්‍ෂණ කොට්ඨාශයේ පොලිස් නිලධාරීන් සමඟ එක්ව මෝදර කාක දූපත අවට වෙරළ තීරය පිරිසිදු කිරීමේ ශ්‍රමදානමය වැඩසටහනක් ඉකුත් සඳුදා (ජූලි මස 03) දින ක්‍රියාත්මක කරන ලදී.