සිවිල් ක්‍රියාකාරකම්

Clear

11 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් පාසල් උපකරණ පරිත්‍යාග වැඩසටහනක්

2023-05-11

අස්ගිරිය රජමහා විහාරස්ථානයේ විහාරාධිපති ආචාර්ය පුජ්‍ය හඳගනාවේ විමලධම්ම හිමිපාණන්ගේ සංකල්පයකට අනුව ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 11 පාබල සේනාංකයේ භටපිරිස් මාතලේ, මාතලපිටිය විද්‍යාලයේ ඉගෙනුම ලබන ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ අධ්‍යාපනය ලබන පාසල් සිසු සිසුවියන් වෙනුවෙන් පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගිය සඳුදා (08) දින ක්‍රියාත්මක කරනු ලැබීය.


211 පාබල බලසේනාවේ සම්බන්ධීකරණයෙන් පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහනක්

2023-05-11

ආරක්‍ෂක සේනා මුලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 21 පාබල සේනාංකය යටතේ ඇති 211 පාබල බලසේනාවේ භටපිරිස් විසින් ඉකුත් අඟහරුවාදා (9) දින අනුරාධපුර මැදවච්චිය කරාපික්කඩ, ධම්මදීප ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ අධ්‍යාපනය හදාරන පාසල් සිසු සිසුවියන් 48 දෙනෙකු වෙත පාසල් උපකරණ සහ පාසල් බෑග් පරිත්‍යාග කරන ලදී. මෙම වැඩසටහන සඳහා අනුග්‍රහකත්වය ‘Aust grow International’ පුද්ගලික ආයතනය සහ රෝසි ටියුරින් මැතිණිය විසින් දක්වන ලදී.


ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුව වෙසක් උත්සවය සමරයි

2023-05-11

කුරුණෑගල හෙරලියාවල ස්ථාපිත ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු රෙජිමේන්තු මධ්‍යස්ථානය යටතේ ස්ථාපිත සියලුම ඒකකයන් එක්ව මැයි මස 5 සිට 8 දක්වා වෙසක් පහන් කූඩු සහ විදුලි ආලෝකකරණයන්ගෙන් හෙරලියාවල කඳවුරු පරිශ්‍රය ආලෝකවත් කරන ලදී.


24 පාබල සේනාංකය වෙසක් උත්සවය උත්කර්ෂවත් ලෙස සමරයි

2023-05-11

වෙසක් පොහෝ දිනය නිමිත්තෙන් 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව් චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී ගේ උපදෙස් මත 24 පාබල සේනාංක මූලස්ථානයේ භටපිරිස්, එම සේනාංකය යටතේ ස්ථාපිත බලසේනා සහ ඒකකයන්හි භටපිරිස් සමගින් එක්ව අම්පාර ප්‍රදේශයේ ආගමික සහජීවනය සංකේතවත් කරමින් වෙසක් උත්සවයක් පසුගිය සිකුරාදා (05) දින පවත්වනු ලැබූහ.


15 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා ඩ්‍රෝන රෙජිමේන්තුවේ මූලිකත්වයෙන් ‘සංහිඳ’ ළමා නිවාසයේ ළමුන් වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක්

2023-05-11

වෙසක් පුර පසලොස්වක පොහෝ දිනය නිමිත්තෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 142 පාබල බලසේනාවට අයත් 15 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා ඩ්‍රෝන රෙජිමේන්තුව වෙතින් පසුගිය ඉරිදා (මැයි මස 7) දින පාදුක්ක, වටරැක ‘සංහිඳ’ ළමා නිවාසයේ නේවාසික ළමුන් වෙනුවෙන් ප්‍රණීත දිවා භෝජන සංග්‍රහයක් ලබාදුන්හ.


144 බලසේනාවේ භටපිරිස් විසින් නේවාසික වැඩිහිටියන් සහ ළමුන් සඳහා දිවා භෝජන සංග්‍රහයක් ලබාදෙයි

2023-05-11

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන පාබල සේනාංකයේ 144 වන පාබල බලසේනාවේ භටපිරිස් විසින් එම බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ.එම්.වී කොඩිතුවක්කු ලබාදුන් උපදෙස් මත රාජගිරිය ‘ගැලවීමේ හමුදා වැඩිහිටි නිවාසයේ’ නේවාසිකව සිටින වැඩිහිටියන් 45 දෙනෙකු සහ ළමුන් 30 දෙනෙකු සඳහා දිවා භෝජන සංග්‍රහයක් පසුගිය බ්‍රහස්පතින්දා (04) දින පිරිනමන ලදී.


51 පාබල සේනාංකය ‘වෙසක්’ උත්සවයක් සංවිධානය කරයි

2023-05-10

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත සේනාංකවල සහයෝගය ඇතිව 51 පාබල සේනාංකයේ භටපිරිස් විසින් සංවිධානය කරනු ලැබු ‘බුද්ධ පූර්ණිමා’ වෙසක් පුර පසලොස්වක පොහෝ දින වැඩසටහන යාපනය ශ්‍රී නාග විහාරස්ථාන පරිශ්‍රයේදී පවත්වන ලදී.


ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර මූලිකත්වයෙන් මෙහෙණි ආරාමයක් ඉදිකෙරේ

2023-05-10

පූජ්‍ය අරලංගවිල වජිරා ධම්මදීප මෙහෙණින් වහන්සේගේ ඉල්ලීමකට අනුව ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 12 ගැමුණු හේවා බලකායේ සහ 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සංඥා බලකායේ භටපිරිස් පොළොන්නරුව, අරලගංවිල ප්‍රදේශයේ මෙහෙණින් වහන්සේලා වෙනුවෙන් මෙහෙණි ආරාමයක් ඉදිකරනු ලැබීය.


ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම වෙසක් කලාපය උත්කර්ශවත් අයුරින් සමරයි

2023-05-10

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ සේවයේ නියුතු භටපිරිස්හි ශ්‍රම දායකත්වය මත වෙසක් පුර පසලොස්වක පුන් පොහෝ දිනය නිමිත්තෙන් වෙසක් පහන් කූඩු, විචිත්‍රවත් තොරණක් සහ විවිධ සැරසිලිවලින් සමන්විත වෙසක් කලාපයක් ඉදිකරනු ලැබීය.


ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර භටපිරිස් වෙසක් උත්සව සැමරුමට දායක වෙති

2023-05-10

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 142 පාබල බලසේනාවේ සහ 7 (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් වෙසක් පුර පසලොක්වක පොහෝ දිනය නිමිත්තෙන් පසුගිය 4 (බ්‍රහස්පතින්දා) දින වැඩසටහන් මාලාවක් පැවැත්වීය.