521 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් වියළි ආහාර සලාක පරිත්‍යාගයක්

15th May 2023

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 පාබල සේනාංකයට අයත් 521 පාබල බලසේනාවේ භටපිරිස් අනුග්‍රාහක භවතුන්ගේ සහයෝගය ඇතිව යාපනය අර්ධද්වීපයේ අච්චුවේලි, වල්ලෙයි සහ ඌරික්කාඩු ප්‍රදේශවල ජීවත් වන ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුල් 50 ක් වෙනුවෙන් වියළි ආහාර සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් මැයි මස 12 දින ක්‍රියාත්මක කරනු ලැබීය.

එහිදී, හාල්, පරිප්පු, කුළුබඩු, ධාන්‍ය වර්ග සහ කිරිපිටි ආදියෙන් සමන්විත රු. 3500/= ක වටිනාමකින් යුත් වියළි ආහාර සලාක පාර්සල් බෙදාදෙනු ලැබීය. මෙම පරිත්‍යාග වැඩසටහන 521 පාබල බලසේනා මූලස්ථානයේදී ක්‍රියාත්මක කෙරිණී.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය සම්බන්ධීකරණය මත 521 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් එච්.එම්.ආර් ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.