සිවිල් ක්‍රියාකාරකම්

Clear

ආරක්‍ෂක සේනා - මධ්‍යම භටපිරිස් ලැව්ගින්නක් මැඩපවත්වයි

2024-09-22

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් ජී.එම්.එන්. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ගේ මඟපෙන්වීම මත දියතලාව ප්‍රදේශයේ ස්ථාපිත ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම භටපිරිස් 2024 සැප්තැම්බර් මස 21 දින සාර්ථකව ලැව්ගින්නක් මැඩපවත්වනු ලැබීය.


මදුරකැටිය ළමා සංවර්ධන මධ්‍යස්ථාන පරිශ්‍රය වටා කම්බි වැටක් ඉදිකිරීමට 18 ගැමුණු හේවා බලකායේ භටපිරිස්හි දායකත්වය

2024-09-19

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් බී.කේ.ජී.එම්.එල්. රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජී ගේ උපදෙස් හා 18 ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරී මේජර් ඩී.ඒ.කේ. පලිහේන ගේ අධීක්‍ෂණය මත එම ඒකකයේ භටපිරිස් විසින් 2024 සැප්තැම්බර් මස 07 දින මදුරකැටිය ළමා සංවර්ධන මධ්‍යස්ථාන පරිශ්‍රය වටා ආරක්‍ෂිත කටු කම්බි වැටක් ඉදිකරන ලදී.


11 ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුව විසින් අවශ්‍යතා ඇති පවුලක් සඳහා නව නිවසක් ඉදිකරයි

2024-09-09

11 ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භට පිරිස් විසින් අම්පාර මඩවලලන්ද ප්‍රදේශයේ අවශ්‍යතා ඇති පවුලක් සඳහා නව නිවසක් ඉදිකර දෙන ලදී. මෙම ව්‍යාපෘතිය 24 පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ මඟපෙන්වීම යටතේ සිදු කරන ලදී. 241 පාබල බලසේනාවේ ආඥාපතිගේ සහ 11 ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ අණදෙන නිලධාරි මේජර් එච්.පී.සී. හෙට්ටිආරච්චි ගේ අධීක්ෂණය යටතේ මෙම කාර්යය සිදුකරන ලදි.


11 විජයබාහු පාබල රෙජිමේන්තුව මාවලි පෙරපාසලේ ළමුන් සඳහා දිවා ආහාරය සහ පොත්පත් බෙදාදීමක් සිදුකරයි

2024-09-02

11 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් කරණවායි, මාවලි පෙරපාසලේ දරු දැරියන් වෙත විශේෂ දිවා භෝජන සංග්‍රහයක් 2024 අගෝස්තු මස 28 දින පිරිනමන ලදී.


10 (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් ඉලම්පිරායි පෙරපාසල් දරු දැරියන්වෙත දිවා භෝජන සංග්‍රහයක් පවත්වයි

2024-09-01

10 (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් වත්තිරායන්, ඉලම්පිරායි පෙර පාසලේ ළමුන් සඳහා 2024 අගෝස්තු මස 29 දින පෝෂ්‍යදායී දිවා ආහාරය ලබා දෙන ලදී.


4 ගැමුණු හේවා බළකායේ භටපිරිස් විසින් අයිත්තමලේ දේවස්ථානය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වයි

2024-08-29

4 ගැමුණු හේවා බළකායේ අණදෙන නිලධාරි මේජර් එස්.පී.අයි.එච් සේනානායක පීඑස්සී එල්එස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟපෙන්වීම යටතේ ප්‍රදේශයේ සිවිල් වැසියන් සමඟ එක්ව 2024 අගෝස්තු මස 25 දින අයිත්තමලේ සධාසරණ මෑණියන්ගේ දේවස්ථානය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.


55 පාබල සේනාංකය කන්දස්වාමි කෝවිලේ කුම්බාභිෂකම් උත්සවයට සහයෝගය දක්වයි

2024-08-29

කිලිනොච්චිය කන්දස්වාමි කෝවිලේ පිරිසිදු කිරීමේ සහ ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහනක් 55 සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.කේ එන්.සී. ජයවර්ධන ආර්එස්පී එන්ඩීසී ගේ මඟපෙන්වීම යටතේ එම සේනාංකයේ භට පිරිස් විසින් 2024 ජූලි මස 08 දින පවත්වන ලදී.


8 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමූළුව විසින් තෝට්ටම රජමහා විහාරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වයි

2024-08-29

තෝට්ටම රජමහා විහාරයේ විහාරස්ථානාධිපති හිමියන් ගේ ඉල්ලීමකට අනුව 8 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමූළුවේ අණදෙන නිලධාරී මේජර් ඊ.කේ.ඩී.එස්.කේ.දෙනියාය ජ්‍යෙෂ්ඨ නිලධාරි ගේ මඟපෙන්වීම යටතේ එම ඒකකයේ භට පිරිස් විසින් 2024 අගෝස්තු මස 25 දින පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.


මඩකලපුවේදී ක්‍රීඩා උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සහ පාපන්දු තරඟයක් පවත්වයි

2024-08-29

මඩකලපුව ප්‍රදේශයේ පාපන්දු කණ්ඩායම් සඳහා අත්‍යාවශ්‍ය ක්‍රීඩා උපකරණ ප්‍රදානය කිරීමේ වැඩසටහනක් සහ පාපන්දු තරඟයක් මඩකලපුව වෙබර් පාපන්දු පිටියේදී 2024 අගෝස්තු මස 27 දින පැවැත්විණි.


18 විජයබා රෙජිමේන්තු භට පිරිස් කල්මුණේ වෙරළ තීරය පිරිසිදු කරයි

2024-08-29

241 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල්.එස්.ඩී.එන් පතිරත්න ආර්එස්පී යුඑස්පී ගේ මඟපෙන්වීම යටතේ 18 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් කල්මුණේ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2024 අගෝස්තු 25 වන දින පවත්වන ලදී.